(රංජන් කස්තුරි)
වාර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි බාර ගැනීම අද (19) අවසන් කෙරිණි.
රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් මහා පරිමාණ පැමිණිලි ඇතුළු පැමිණිලි 1142 ක් ලැබී තිබුණ බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන රජයේ මුද්‍රණාලය ,ලංකා විදුලිබල මණ්ඩලය,ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු රජයේ ආයතන කිහිපයක්ම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණ චෝදනා සහිත පැමිණිලි ලැබී තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.
COMMENTS
බොහෝ වැරදි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිදුවෙනවා.
අර නිව්යෝර්ක් සංචාරයේ මහජන මුදල් අවභාවිතය ලියා ගත්තද?
ජනපතිතුමා පැමිණියේ පෙර රජයේ හොරකම්, වංචා සහ මැරවැඩ වලට දඬුවම් දීමට නේද? ඒත් අනේ..! අපේ සහ රටේ කරුමයක මහත, එතුමාගේ නිල කාලය අවසන් වීමටත් ප්‍රථම ඒ සියලු වැරදිවලට සමාවදී, තමන්ව බලයට පත් කළ අයගේ පමණක් වැරදි සෙවීමට කොමිසම් පත් කළා. එතුමා කොතරම් සාධාරණ කෙනෙක්ද? හැබැයි තමන් පත් කළ අයගේ වැරදි සෙවීමට කොමිසම් පත් කිරීම වරදක් නම් නොවෙයි. ඒත්, පෙර වැරදි කලේ යයි තමාම පැවසූ අයත් සමගම එකතු වී උදව් කළ අයගේ පමණක් වැරදි සොයා දඬුවම් දීමට සැරසීම තරම් තවත් නොහොබිනා කමක් තිබේද? මේ රජයේ මෙන්ම පෙර රජයේත් වැරදිවලට පොදුවේ දඬුවම් දීමට ඔබතුමා පියවර ගත්තේ නම්, නැවත වරක් මේ රටේ ජනපති වනුයේ ඔබතුමාමය. ඒත්, පෙර රජයේ දේ ගැන අත්දැකීමෙන්ම දන්නා ඔබතුමා ඒවා වසා දැමීමට කටයුතු කිරීම හා ඔවුන් සමග එකතුවීම ගැන ක්‍රියා කිරීමට ඉදිරි රජයකදී කොමිසමක් පත්වේවා!!! කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
මෙතෙක් තියපු කොමිසන්වලින් අල්ලපු හොරෙක් නැහැ. ජනතාවගේ මුදල් අපරාදේ...
එහෙනම් අර ඉලක්ක කරගෙන ඉන්න කෙනාව කොටු කරගන්න අවශ්‍ය සාක්කි ලැබිල ඇති. ඔය වගේ වැඩවලට කියන්නේ " කන්න දුන්නු අත සපා කන එක " කියලා පාරේ යන ගමන් කවුදෝ කියනවා ඇහුණා.