(රංජන් කස්තුරි)
දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම්වරයා උසාවිය ඉදිරියේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කිරීම ජනාධිපති කොමිසන් සභාවට අවමන් කිරීමක් වන අතර ඊට හේතු දැක්වීමට මේ මස 11 වැනිදින පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති කොමිසන් සභාව අද (06) නීතිපතිවරයා සිතාසි නිකුත් කර තිබේ.
ජනාධිපති කොමිසන් සභාවට ලැබුණු වාර්තාවක් හෝ තොරතුරු සභාවට ලැබුණු වාර්තාවක් හෝ තොරතුරු කොටසක් හෝ ඉල්ලා සිටීමට ආයතනයකට හෝ පුද්ගලයෙකුට නෛතික හැකියාවක් නැතැයිද එම වාර්තා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන තෙක් රහස්‍ය වාර්තා ලෙස පවත්වාගෙන යායුතු බව නීතිපතිවරයාට සිතාසි නිකුත් කරමින් ජනාධිපති කොමිසන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කර ඇති නියෝගයේ සඳහන් වේ.
හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජනාධිපති කොමිසන් සභාවට ඉදිරිපත් කර තිබූ දේශපාලන පළිගැනීම් සම්බන්ධ පැමිණිල්ලට අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ ලිපිගොනු කිහිපයක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය කොමිසන් සභාවේ ලේකම්වරයාට දැනුම් දී තිබිණි.
කොමිසන් සභාවේ තොරතුරු ලේඛන , ඕඩියෝ සහ වීඩියෝ ඉදිරිපත් කරන ලෙස බලකරමින් කොමිසන් සභාවේ නිලධාරීන්ට සිතාසි කිරීමට කිසිඳු නීතියකින් හෝ රීතියකින් විධානයකින් බලයක් නොමැති බව ජනාධිපති කොමිසන් සභාව අද නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
COMMENTS
කොමිසමේ සභාපති ගැන තියෙන ඔහුගේ පරණ ක්‍රියාකාරකම් ගැන (සී බී කේ ජනාධිපති කාලයේ) දන්නා කෙනෙක් මේ කොමිසන් සභාව ගැන තියෙන විශ්වාසය ප්‍රශ්න කරනු ඇති.
අනේ පව්...! කට්ටිය හොඳටම හිතට අරං වගේ.. ජනාධිපති ඉන්නෙත් රටේ ව්‍යවස්ථාවට අනුකූලව බව අධිකරණය විසින් දන්වන්න වෙයි වගේ. සිරිසේනත් ඇණ ගත්තේ ඔතැනින්...
කොමිෂන් සභාවයි, අධිකරණයයි දෙකම එක පාර වැඩ පටන් අරන් හින්දා මහා අවුලක් වෙලා. අධිකරණය නියෝග නිකුත් කරනවා කොමිසමේ ලේකම් අත් අඩංගුවට ගන්න. කොමිසම නියෝග නිකුත් කරනවා නීතිපතිට විරුද්ධව. අනේ රටේ නීතියට යන කලක්... 'දේශපාලන පලිගැනීම්' හොයනවා කියලා ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියන ඒක නම් අපි දන්නවා. ආණ්ඩුවේ ජඩ වැඩ නිසා නීතිය මෙහෙම හෑල්ලු කරන ඒක නවත්වන්න කෙනෙක් නැති හැටි...
හොඳට මතක තියාගන්න ජනාධිපති කොමිසන් සභාවට ඉහළින් අධිකරණය තියෙන්නේ. ජනාධිපති කරන්නේ පොහොට්ටු ගැති හොරු, මිනීමරුවෝ, පාදඩයෝ කොමිසන් සභා හරහා සුද්ධ කරන්න. ඔය කොමිසමේ ඉන්න සාමාජිකයින් දිහා බැලුවාම පෙනෙනවා කොමිසමේ අරමුණ මොකක්ද කියලා. රාජපක්ෂලා යන්නේ රටේ නීතිය යුක්තිය මුළුමනින්ම විනාශ කරලා එය තමුන්ගේ යටතට ගන්න. එ් නිසා වහාම රටේ බුද්ධිමත් ජනතාව එකතු වී ජනාධිපතිගේ මේ ගමන නැවැත්විය යුතුයි. වහාම ඔබ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න.
අනේද කියන්නේ... දැන් කවුද හරි? මෙහිදී තියන උභතෝකෝටික ප්‍රශ්නය තමයි... කවුද හරියට නීතිය නොදන්නේ? ඔන්න කිව්වා. පොදුජනයා හැටියට අපි නම් ඕවා දන්නේ නැහැ. ඒත් ඉතින් ඔන්න ඔහොමලු එකෝමත් එක රටක වෙන්නේ...
මට පේන හැටියට නීතිඥයින් පවා නීති නොදන්නා පාටයි.
නයයි, පොළඟයි වගේ දෙපැත්තෙන් ගිලගෙන පලයල්ලා...
සම්පුර්ණ ඇත්ත. ජනපතිගේ පරණ කෙරුවාවල් ගැන අධිකරණය, නීතිපතිලා ඇඹරුණ හැටි අපිට මතකයි. අපේ රටේ දැන් දුෂිතම ආයතනය නීතිපති දෙපාර්තමේන්තුවයි.