(විනීතා එම්. ගමගේ)
පවතින අනාරක්ෂිත වාතාවරණය සමථයකට පත් කරගෙන ජනාධිපතිවරණය පවත්වන්නට සැලසුම් නොකළහොත් පවතින රජයට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල විය හැකි යැයි පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.
පවතින දේශපාලනය ගැන මේ වනවිටත් ජනතාව තුළ අපැහැදීමක් පවතින බවත් එවැනි තත්තවයක් යටතේ මැතිවරණ විශේෂයෙන් ජනාධිපතිවරණය කලට වේලාවට තැබීමට පාලකයින් කටයුතු කළයුතු යැයි හෙතෙම කියා සිටි යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.
මේ වසරේ දෙසැම්බර් 9 වැනිදාට පෙර නව ජනාධිපතිවරයා පත්කර තිබිය යුතු වන අතර වත්මන් ජනාධිපතිවරයාට 2020 ජනවාරි 9 දා තෙක් සිය තනතුරේ කටයුතු කළ හැකි බවද නව ජනාධිපතිවරයාට පසුදින එනම් 2020 ජනවාරි 10 වැනිදා නව තනතුරේ රාජකාරි බාරදිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට සුදුසු කාලය උදාවී ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා එසේ වුවද ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ජනාධිපතිවරණය පවත්වන තෙක් යැයි ද සඳහන් කළේය.
COMMENTS
දත කට නියවාගෙන බලාඉන්න මහත්තයෝ ඡන්ද තියනකන්!
සහතික ඇත්ත
ඔවු ජනාධිපතිවරණය එනතුරු අපි මග බලා සිටිනවා ...
මගෙ නම් අදහස රටේ ආරක්ෂාව තකා අඩුම තරමේ කෙටි කලකට හෝ හමුදාව අතට පාලනය නතු කරගත යුතුය. ඊට පසුව මැතිවරණයකට යාම කලයුතුයි
ඕක ඉක්මන් කරන්න
ජනතාව බලන්නේ පාරේ බය නැතුව බැහැල යන්න පුලුවන්ද කියල
ඔය පනින්නේ බළලා මල්ලෙන් එලියට.
ජනාධිපතිවරණය තියන්න කලින් ජනතාවට සුදුසු වාතාවරණයක් හදලා දෙන්න කටයුතු කරන්න. නැතිනම් වෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන නිලදාරින්ට මැස්සෝ එලව එලව ඉන්න වෙයි. ජනතාවට නම් ඔය ගැන තැකීමක් නැහැ කියන තරම්.
ඔව් 225 ම ගෙවල් ගානේ එනකම් අපි මග බලාගෙන ඉන්නේ කිරි බත් කැවුම් රසකැවිලි හදාගෙන පිලිගන්න
ඇත්ත මේ රට නව වැඩපිලිවෙලකට යා යුතුයි. හැම ක්ෂේත්‍රයකම ඒ සදහා නව නායකයකු පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතුයි. දැන් ඉන්න අයගෙ කල් ඉකුත් වෙලා.