(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති නම් කරනු ලැබ සිටිති.
අධිකරණයට අපහාසයක් කිරීමේ සිද්ධියකට වරදකරුව දඩුවම් විදිමින් සිටි ඥානසාර හිමියන් ඉකුත්දා ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ මුදා හැරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය යටතේ ලබා දී ඇති නීතිය ඉදිරියේ එක සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම කඩ වී ඇති බවත් , එබැවින් එය උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදුර්වෝ කලබල කලත් උන්වහන්සේ මුල ඉඳලම කියපුව බොරු නොවන බව ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ දොස්තරගේ ක්‍රියා කලාපයෙන් ඔප්පු වුනා , හාමුදුරුවෝ දේශපාලන ප්‍රශ්නයකට හිරේ ගියා කියමුකෝ , හාමුදුරුවෝ මුදාහැරපු එක වගේද අර හිරේ ගිය මනුස්සයා නිදහස් කල එක ?
රටේ යුක්තිගරුක බව නීතිගරුක බව හා යහපත් බව දකින්න ඕනෙනම් මේ පෙත්සම් අධිකරණයේ පිළිගැනීමට ලක්වෙන්න ඕනේ ... එය එසේම වේවා ..
2018 ඔක්තෝබර් 26 සිද්ධිය වැරදියි කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලානේද.? එහෙමනම් එහිදී ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංගණය කර නැද්ද. ඒවා නොපෙනෙන අය ඇත්තකියා සිර දඬුවම් වින්ද කෙනෙක් නිදහස් කිරීමට විරුද්ධ ඇයි. ඇත්ත කියන්න ඉඩක් නැද්ද?
ජයවේවා. ජාතිය සතු වගකීමක් වෙනුවෙන් ඔබ තුමා ඉදිරියට පැමිණීම වෙනුවෙන් අපේ ප්‍රනාමය.
ඩොලර් ටිකක් හම්බ වෙලා වගේ. කොහෙද මේ අය හිටියේ පාස්කු ප්‍රහාරය දවස් වල.
දුමින්ද සිල්වා එලියට දාන්න කලින් මේ පෙත්සමට හොඳ ප්‍රතිචාරයක් ලැබේවා
නීතිය කාටත් සමාන විය යුතු බවට කිසිම විවාදයක් තිබිය නොහැකියි. උන් වහන්සේ සිරගත වූයේ රට, ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව අධිකරණයට අපහාස කිරීමේ වරදටයි.
උන්වහන්සේ නිදහස් කිරීම නිවැරදියි. කොටි නිදහස් කළේ...
පාක්‍යසෝති කියන්නේ ජාතිවාදී එන්ජීඕ නඩයේ මහා මොළ කාරයා. ජනාදිපති හොඳයි කියනවා නෙවෙයි. නමුත් මොහු කරන්නේ රට අස්ථාවර කරන්නට යටි උගුල් අදින එක. මෙය අවුරුදු 40ක පමණ කාලයක සිට කරනවා. අපේ දේශපාලකයන්ට මේවා තේරුම් ගන්නට ළුෑණු බිකක් තරම් මොලයක් නැහැ. අපේ කරුමේ.
කොටින්ට විරුද්ධව මෙයා නම් වචනයක් කතා කරේ නැහැ... දැන් තමයි සිංහයා...