(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා පැය දෙකහමාරක් වෙන් කිරීමට එකඟ වූ නමුත් පසුව කාලය අඩු කර ඇති බව ද වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ කල්තැබීමේ විවාදයක් අවශ්‍ය බවට මුලින්ම යෝජනා කළේ තමා බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැය භාගයක් ලබා දීමට එකඟ වී තිබූ නමුත් පසුව එයද කපා හැර ඇති බව සඳහන් කළේය.
විපක්ෂයේ පළමු කතාව තමාට දීමට එකඟ වී තිබූ නමුත් වෙනත් මන්ත්‍රීවරයෙකුට එය ලබාදී තිබුණු බව කී රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රශ්නයක් නොවන අතර පසුව කතා කිරීමට තමාට හැකියාව තිබෙන බවද කීය.
කල්තැබීමේ විවාදයේ කතා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාට විනාඩි 15ක් පමණක් ලබාදී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාට පොරොන්දු වූ විනාඩි 20 ලබාදී නොමැති බවත් තමන්ට ආරංචි වූ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කර කර කාලේ නාස්ති කරන්නේ නැතුව රටට වැඩක් ඇති වැඩක් කරන්න බලන්න
ඒකට තමයි කියන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා නම්, ගෙදරට වෙලා ඉන්න කියලා. දැන් මෙයා නිකම්ම නිකම් මෛත්‍රී. සජිත්ටත් වඩා පහත් තැනක ඉන්නේ... විමල්, වාසු, ගම්මන්පිලලා ඉන්නවා වගේ, සජිත් දෙනදේ අරන් ඉන්න ඕනේ...
ඔයාට විතරක් පැය භාගයක් දුන්නොත් මුළු පාර්ලිමේන්තුවට පැය කීයක් වෙන් කරන්නද? බලය තිබුණු කාලයේදී හරියට වැඩකළානම් රටේ ජනතාව ඡන්දෙ දීලා අඩුම ගානේ ආසන 25ක් වත් ලබාදෙනවනේ...
මන්ද බුද්ධික දේශපාලන පවුලේ අය තමයි රට මොංගල් කරලා තියෙන්නේ, ඉතින් ඒ වගේ අයගේ කතාව විවාද ආදිය කරන්නේ කෙසේද? කොහොමද? කියලා හිතෙනවා. පව් නැද්ද මෙ දවස්වල මැදමුලන රාජමාලිගේ සන්තකයේ තබාගත් ඩොලර්වලින් තමයි රට වෙනුවෙන් විශේෂයෙන් සාටක කාරයින් ඉදිරිපත් වී වියදම් කරන්නේ, ඉදිරියේදී අවශ්‍ය වේ නම් ආචිචිගේ මැණික් ගල්, සුනාමි මුදල්, නිධන්ගත ධනය රැස්කළ රට ගිණුම් වලට මුදල්, ජෙට් යානා, විදේශ ඉඩම් විකුණා දැමීමට කටයුතු කරන බව අමතක නොකළ යුතුයි..