IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනතා හිතවාදී පාලනයක් ඇති කරනවා

ෂරියා නීතිය යටතේ, ජනතා හිතැති පාලනයක් ඇෆ්ගනිස්තානයට හඳුන්වා දෙන බවත්, තලේබාන් සංවිධානය, ත්‍රස්ත සංවිධානයක් නොවන බව ලොවට පෙන්වීමට කැප වී කටයුතු කරන බවත් කලේබාන් සංවිධානය වෙනුවෙන් එහි නායකයකු වන කහීල් උර් රහ්මාන් හක්කානී සහ තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශයක සබිහුල්ලා මුජහිද් 'අල් ජසීරා' පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවලට එක් වෙමින් පවසා තිබේ.

කහීල් උර් රහ්මාන් හක්කානී සහ සබිහුල්ලා මුජහිද් දෙදෙනා අල් ජසීරා සමඟ සම්මුඛ සාකච්ඡා සඳහා එක් වූයේ අවස්ථා දෙකකදීය. සබිහුල්ලා මුජහිද් සම්මුඛ සාකච්ඡාවට එක් වූයේ අල් ජසීරා නාළිකාවේ මාධ්‍යවේදිනියක් සමඟ වීම විශේෂත්වයකි.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය යළි අත්පත් කර ගැනීමෙන් පසු, කාබුල් අගනුවර ආරක්ෂා භාරව කටයුතු කරන්නේ, වන කහීල් උර් රහ්මාන් හක්කානී ය. මොහු තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකි.

ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත 34 ක් ඇති අතර, එම ප්‍රාන්ත 34 පුරා සියලු ඇෆ්ගන් වැසියන්ට පොදු සමාව ලබා දී ඇති බවත්, කිසිවකු තලේබාන්වරුන්ට බිය විය යුතු නැති බවත්, කහීල් උර් රහ්මාන් හක්කානී පැවැසුවේය.

කාබුල් අගනුවර, ගුවන් තොටුපොළෙන් පිට ආරක්ෂාව මුලුමනින්ම තමන් යටතේ ඇති බවත්, ගුවන්තොටුපොළ ඇතුළේ ආරක්ෂාව ඇමෙරිකන් හමුදාව සතුබවත් කහීල් උර් රහ්මාන් හක්කානී පැහැදිලි කළේය. ඇමෙරිකන් හමුදා සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කරන බවත්, දෙපාර්ශ්වය අතර නිරන්තරයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් කහීල් උර් රහ්මාන් හක්කානී පැහැදිලි කළේය.

තලේබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් කියා සිටියේ, නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම තලේබාන් නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවන බවත්, ඇමෙරිකාව සමඟ මිත්‍රශීලී, යහපත් සබදතා පැවැත්වෙන බවත්ය. තලේබාන්වරුන් ත්‍රස්තවාදීන් ලෙස අර්ථ නිරූපණයට ලක්වූයේ ඇමෙරිකන් හමුදා ත්‍රස්තවාදයට එරෙහි සටන් ආරම්භ කළ නිසා බවත්, තලේබාන්වරුන් ත්‍රස්තවාදීන් නොවන බව ලොවට පෙන්වීමට කටයුතු කරන බවත් සබිහුල්ලා මුජහිද් පැවැසීය.

''ඇෆ්ගන් වැසියන් අපට බිය වී ගුවන්තොටුපොළට යන්න පොරකෑම අනවශ්‍ය දෙයක් සහ අවාසනාවන්ත දෙයක් විදියටයි මා දකින්නේ. අප හැමදෙනාටම පොදු සමාවක් දෙන බව පවසා තිබෙනවා. ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සිට, රජයේ නිලධාරීන්, රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනාට අප සමාව දීමට පියවර ගෙන තිබෙනවා. බොරු බියක් ඇති කර ගැනීමට කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. පසුගිය දිනවල ඇෆ්ගනිස්තානයේ සිදුවුණු දේවල් සිදුවුණේ බොහොම ඉක්මණින්. ඒක හැමෝගේම පුදුමයට හේතුවක් වුණා. අප කාබුල් අගනුවරට එන්න සූදානමින් සිටියේ ඇමෙරිකන් හමුදා සියලුදෙනා පිටව ගියාට පස්සේ. කාබුල් අත්පත් කර ගැනීමක් කරන්න අපට ඕනෑ වුණේ නැහැ. අප දේශපාලනික විසඳමකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඇෆ්ගන් ආරක්ෂක අංශ ඔවුන්ගේ ස්ථානවලින් ඉවත් වෙද්දී, ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නිර්මාණය වුණා. ඒ නිසා අපට සිදුවුණා කාබුල් නගරයේ ආරක්ෂාව අපේ සාමාජිකයන් අතට ගන්න' යැයි සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ නගර අත්පත් කර ගැනීමෙන් පසු, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනවා යැයි චෝදනා එල්ල වී ඇති අතර, එසේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන දසුන් ද මේවනවිට විදෙස් මාධ්‍යවලට ලැබී තිබේ. ඒ ගැන අල් ජසීරා මාධ්‍යවේදිනිය සබිහුල්ලා මුජහිද්ගෙන් විමසීමක් කළාය.

'අවාසනාවන්ත සිදුවීම් කීපයක් වාර්තා වී තිබෙනවා. ඒක ඇත්ත. අප සකස් කරන නව නීති පද්ධතිය පළමුවෙන්ම බලපාන්නේ අපේ සාමාජිනයන්ට. ඔවුන් වැරදි ක්‍රියා කර තිබෙනවා නම්, පළමුවෙන් දඩුවම් ලැබෙන්නේ ඔවුන්ට. සියලු තලේබාන් සටන්කාමීන්ට අප දන්වා තිබෙනවා. ඇෆ්ගන් වැසියන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.'' යැයි සබිහුල්ලා මුජහිද් වැඩි දුරටත් කියා සිටියේය.

(අල් ජසීරා)



අදහස් (0)

ජනතා හිතවාදී පාලනයක් ඇති කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site