(නිමන්ති රණසිංහ)
ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් රට වසා දැමුවත් කොරෝනා පැතිරීම පාලනය කළ නොහැකිවනු ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) පැවසුවාය.
රට වසා දැමුවත්, ජනතාව අනවශ්‍ය ආකාරයට සෙනඟ ගැවසෙන ස්ථානවල සැරිසරනවා නම් එය කොරෝනා පැතිරීමට අනුබලයක් වන බැවින් සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන ලෙසත් මෙය ජීවිතයත් සමඟ කරන ගනුදෙනුවක් බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
රට පුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නම් සියලු දෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවත්, තෝරා තෝරා නොඉඳ ලැබෙන වර්ගයක් එන්නත් කර ගන්නා ලෙසත් අමාත්‍යවරිය පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද ප්‍රකාශ කළාය. “තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා.
රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම්, මීටරයේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මොකද මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්”.
COMMENTS
මැයගේ කතාව 100% නිවැරදිය.
හැමදේම ජනතාව පිටින් යවනවා
හාපෝයි අපේ උන් ගැන නම් කියලා වැඩක් නැහැ. සමහර එන්නත් දෙන තැන් වල උනත් එක පිට එකා නගින්න හදනවා.
ජනතාව දැනුවත් කර රට වහනන මිනිසු ජීවත් වෙනන ඔනි රු 2000 කින් මොනවා කරනනද
මේ රටේ ජනතාව සංවර කරන්න බැහැ ජෙප්පන් ඉන්නකන්...
බොරුව නවත්වන්න .කොරනා ඉවර කරන්නනම් මීඩියා වහන්න
කොන්දේසි සහිතව ඉන්දීය සංචාරකයන්ට මෙරට දොරටු විවර වෙයි
ඒක ඇත්ත... ඇමතිතුමිය ඉතා බුද්ධිමත්. සංචරණ සීමා කොතරම් දැම්මත්, මිනිස්සු අරහෙට මෙහාට දුවනවා. කිසිම වගකීමක් නැහැ.
අප රටේ ජනතාව අසංවර බව අමුතුවෙන් කිව යුතු නැහැ.
යම් රටක දේශපාලකයෝ ප්‍රසිද්ධියේ අසංවරව හැසිරෙනකොට ඔවුන්ව ආදර්ශයට ගන්නා ජනතාව හැසිරෙන්නෙත් එම ආකාරයට බව ඔබතුමිය සිතට ගන්න