IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ජාතිවාදී කැළඹීම් පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් තිබිය යුතුයි’

(ඩයනා උදයංගනී)
 
පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් සැලකිය යුතු කාලයකට පසු රට තුළ ජාතිවාදී කැළඹීමක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, ඒ පසුපස කිසියම් දේශපාලන න්‍යාය පත‍්‍රයක් තිබිය යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. 
            
එබැවින් මෙම සිද්ධීන් සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන සිටින්නන්ගේ දේශපාලන පසුබිම කුමක්ද යන්න සොයාබැලිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මේ බව පැවසුවේ ‘ජාතික මග’ මහජන ව්‍යාපාරය මගින් කොළඹ, පදනම් ආයතනයේදී අද (15) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
            
කුලියාපිටිය, කුරුණෑගල, මිනුවන්ගොඩ ආදී ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම් පිටුපස සිටි පිරිස් මීට කලකට පෙර දිගනදී ඇතිවූ සිද්ධීන් පසුපස සිටි පිරිසම බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් ඉටුකරන්නේ අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම්වල අරමුණු බව ද කියා සිටියේය.
            
ගැටුම් අවුස්සා තම පිරිස් බලය වර්ධනය කරගැනීම අන්තවාදී පිරිස්වල අරමුණ වී ඇති බැවින් එම අරමුණු වෙනුවෙන් සහය දෙමින් රට යථා තත්ත්වයට පත්වීම වළක්වන්නේ කවුරුන්ද යන්න කඩිනමින් සොයාගත යුතු යැයි ද පැවසීය.
            
මද්‍රසා පාසල් ආදිය නිසි ලෙස කළමනාකරණය කළහොත් මෙතෙක් තුලනාත්මක අයුරින් සිදුවූ දහම් අධ්‍යාපනය වෙනුවට අන්තවාදී දහම් අධ්‍යාපන ක‍්‍රමයක් රට තුළ ස්ථාපිත වනු ඇතැයි ද පරණවිතාන මහතා කීවේය.
            
‘ජාතික මග’ මහජන ව්‍යාපාරය වෙනුවෙන් නීතිඥ රවි ජයවර්ධන, මාධ්‍යවේදී සමන් වගාරච්චි, කථිකාචාර්ය චින්තක කරුණාරත්න, සිවිල් සමාජ ක‍්‍රියාකාරී බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.



අදහස් (0)

‘ජාතිවාදී කැළඹීම් පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් තිබිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site