(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණ දීම සඳහා වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු පස් වැනිදා පිහිටුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවිස්සාවේල්ලේදී අද (23) පැවැසීය.
රටේ අනාගතය ගොඩනැගීම සඳහා නව ප‍්‍රතිපත්තියක් සහිතව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු බහුවිධ පාර්ශ්ව වල සහභාගීත්වයෙන් පිහිටුවන මෙම පුළුල් පෙරමුණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ඕනෑම පක්ෂයකට එකතුවීමට හැකියාව තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
නව පෙරමුණට එකතුවන සියලු පක්ෂවල අනන්‍යතාවය රැකගනිමින් පොදු ප‍්‍රතිපත්ති රාමුවක් යටතේ නව පක්ෂය ක‍්‍රියාත්මක වන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
නව පෙරමුණ අලුත් පරපුරට ගොවි කම්කරු විද්වත් සැමට සුදුසු අයුරින් නව ප‍්‍රතිපත්ති මාලාවක් සහිතව ඉදිරියට ගෙන එන බවද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.
තවත් වසර පහක් සඳහා බලය ලබා ගෙන රට ගොඩ නැගීම මෙන්ම අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දීම ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මූලික අරමුණ බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සාම්ප‍්‍රදායික රාමුවෙන් පිටතට ගොස් අලුතින් හිතන්නට හුරු විය යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එසේ නොවුනහොත් ජනතාව විසින් දේශපාලඥයින් කුණු බක්කියට දමනු ඇති බවද පැවැසීය.
අවිස්සාවේල්ලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමෙන් පසු අවිස්සාවේල්ල නගරයේ පැවති ජනහමුව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
2015 කැඳ හැලිය වගේ තව එකක් හදමු! ජයවේවා
පිහිටුවාගෙන එන්නකෝ. අපිත් බලන් ඉන්නේ එනකල් තමා
මේ පාරත් ඩීල් එකක් දාලා ගොඩ යන්න වගේ කල්පනාව....
මොක පිහිටුවත් මමයි රජා
තමා ගැන අධිතක්සේරුව විනාශයට මුලය. විපක්ෂය වෙන්නවත් වාසනාව තිබුනොත් ලොකු දෙයක්
යහ පාලනයේ අපේක්ෂිත ප්‍රතිපල ලබා ගැනීමට නොහැකි වුනේ ජනධිපති තුමාගේ අදුරදර්ශි බව නිසා. කරු වැනි පරිනත අයෙකු පත් කර ගත්තොත් සාර්ථක රජයක් වේවි . රට කෙටි කාලයක් තුල දියුණු සංවර්ධිත රටක් කර ගෙනයා හැකි බුදිමත් දක්ෂ පරිනත පිරිසක් රජය තුල සිටිනවා.
අන්තිමට ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ එජාපයෙන් නෙවෙයි , මේ පෙරමුණේ විධායක සභාවෙන් . කොහොමද ටිකිරි මොලේ .
ප්රජාතන්ත්රවාදය කියන වචනෙත් අපට අප්පිරියයි දැන්. රටම කාබාසිනියා කරන්න තව වංගුවක් දාන්න හදනවා.