(ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (26) පෙරවරු 9.30 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතනයේදී එළිදැක්වේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එහි ක්‍රියාකාරීන්ද ජාතික ජන බලවේගයට සම්බන්ධ විවිධ වෘත්තිකයන් විද්වතුන් සහ ක්‍රියාකාරීන්ද සහභාගි වීමට නියමිතය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසු පොත් පිංචක් ලෙස දිවයිනේ සෑම නිවසකටම බෙදා හැරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත් ලංකාදිපයට පැවසීය.
වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කළු
ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක
අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු
හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදකී
Mahee Friday, 25 October 2019 02:04 PM
අපි හිතුව නාගානන්ද ඉල්ලයි කියලා. එ්ක සිදුනොවුණු නිසා දැන් තියෙන විකල්පය නම් මහා චෞර පක්ෂවලින් එන අය ප්‍රතික්ෂේප කර අනුර කුමාරට ඡන්දෙ දෙන එකයි කියලා මටත් හිතෙනවා. නොදිනුවත් හිත හදාගන්න පුළුවන් තක්කඩින්ට ඡන්දෙ දුන්නේ නැහැ කියලා.
Sanath KandyFriday, 25 October 2019 07:27 PM
මම හැමදාම ඒ සතුට භුක්ති වින්දා මහී. මම ඡන්දය දීපු අය කවදාවත් මගේ රටට වැරැද්දක් කරලා නැහැ. මේ ජනාධිපතිවරණයෙන් අනුර සහෝදරයා දිනවන්න ඡන්දය දෙන හැමෝටම ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්..
AbilinSaturday, 26 October 2019 01:17 AM
අනුර දිනවන්න පුළුවන් වන්නේ 2024 ජනාධිපති වරණයේදියි. ඒ සඳහා දැන්සිටම පෙළගැසිය යුතුයි. මෙවර මේ පාලනය ඉවත් කළයුතු නිසා ජනතාව කල්පනාකාරී වියයුතුයි.
MartinSaturday, 26 October 2019 04:13 AM
2024 වෙනකොට ගොඩගන්න තරම්වත් රටක් අර දෙගොල්ලන් අපිට ඉතුරු කරයිද අබිලින් මාමේ...? වැඩේ කල්දදා නොඉඳ මේ වතාවේම වෙනසක් කරමු.
FernandoSaturday, 26 October 2019 03:52 AM
මැතිවරණ ඉතිහාසයේ පළමු වරට තමා මේ වගේ සවිස්තරාත්මක දැක්මක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන මාලාවක් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් විසින් ඉදිරිපත් කරනවා අපි දකින්නේ. මේ වැඩපිළිවෙලට අපේ සහයෝගය නොදෙන්න කිසිම හේතුවක් තියෙනවද මිත්‍රවරුනි..,
රජින්දSaturday, 26 October 2019 06:49 AM
අපරාදේ කියන්න බැහැ.. කොච්චර සවිස්තරාත්මකව ඕක ලිව්වත් කීයටවත් උතුර නැගෙනහිර දෙකට කඩලා බලය බෙදන්න ගිවිසුම් ගහපු කතාව සහ අනුර කුමාර ඒ පළාත්වල මිනිස්සුන්ට සියලුම ඉඩම් නිදහස් කරලා හමුදාව බැරැක්කවලට කොටු කරන බවට වෙච්ච පොරොන්දුත් ඒ විදිහටම දාලා නැතුව ඇති. මොකද දකුණේ ඉන්න සිංහලයන් ඕක සිංහලෙන් කියවන නිසා. මේ වගේ රට ගැන අංශු මාත්‍රයක තරම්වත් අභිමානයක්-හැඟීමක් නැති අපේක්ෂකයෙකුට ඡන්දේ දෙන්න ඇතැම් මෝඩ සිංහලයෝ මුහුණ දික්කරගෙනයි ඉන්නේ. අනුර කුමාරලා උතුරට එකක් කියලා, දකුණට තව එකක් කියලා දෙපැත්තේ ජනතාව චූන් කරනකොට චූන් වෙන්න බලාගෙන ඉන්න අය උපරිම චූන් වෙනවා. ඔවුන් යථාර්තය දකින්න බයයි...
ජානක Saturday, 26 October 2019 03:57 AM
තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර... තවම ගෝටා, සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඉන්නවා. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ. තුන් දෙනාගෙන් වඩාත්ම උගත්, දූෂණ, වංචා, චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා බුද්ධිමත්ව තෝරාගනිමු.
ධනුෂ්කSaturday, 26 October 2019 03:29 PM
මේ රජින්ද කියන කෙනා මොනවද මේ කියන්නේ. මේ මනුස්සයා ලංකාවද? නැත්නම් කෝමා තත්ත්වයක ඉඳලා දැන්ද සිහිය ඇවිත් තියෙන්නේ. කවුරුහරි දරුවෙක් මෙතුමගේ ගෙවල් ළඟ ඉන්නවා නම් එකට තිබුණ උතුරු නැගෙනහිර නඩු දාලා වෙන් කරේ කවුද කියලා දෙන්නකෝ
sirimal Friday, 25 October 2019 02:14 PM
අර ඉස්සර කාලේ ඉල්ලා ගත්තු හැඳුනුම්පත් ආපහු දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවද?
ශ්‍රීFriday, 25 October 2019 04:42 PM
එදා අංගුලිමාල තමයි ශාසනේට එකතු කරගන්න විට ඔහු 999 ජීවිතක්ෂයට පත්කළ බව බුදුන් වහන්සේ දැන සිටියා එවැන්නෙකුට වුවත් යහපත් සමාජයට වැඩදායී පුද්ගලයෙකු වීමට පුළුවන් බව බුදුන් වහන්සේ දැනගෙන සිටියා.. ඒත් ඔබ වැනි මුග්ධයින් එය නොදන්නවා වුවත් මේ රටේ බොහෝ විචක්ෂණ පුද්ගලයන් ඒ බව හොඳින් දන්නවා ඔබට ඇත්තේ ඊර්ෂ්‍යාව මුසු චෛතසික ගැටුමක්...
NissankaFriday, 25 October 2019 07:24 PM
සිරිමල් සිඟිති ආතල් දෙන්න එපා. මේ දෙගොල්ලන්ම හොරා කන හැටි, රට අගාධයට අරගෙන ගිහින් තියෙන හැටි වහන්න ඔයාලගේ මෝඩ ජෝක්වලට බැහැ.
MaheeFriday, 25 October 2019 08:55 PM
සිරිමල්, ඔබ සාමාන්‍යයෙන් මැදිහත්ව අදහස් පලකරන කෙනෙක් බවයි මම දැකලා තියෙන්නේ. දැන් ඔබ ඉතාම පුහු අදහසක් පලකිරීම ගැන පුදුමයි. ජ.වී.පෙ. වැරදි කළා. සමාව දිය නොහැකි වැරදි කළා. නමුත් අපි හොඳින් දන්නා හොර තක්කඩින්ට එරෙහිව තිබෙන සුදුසුතම විකල්පය අනුර කුමාර බව ඔබට හිතෙන්නේ නැද්ද?
Cps Saturday, 26 October 2019 02:10 PM
එදා ජවිපය කළා කියන ඇතැම් මිනීමැරුම් ඇත්තටම එජාපය විසින් කරපුවා තමයි. ඉතා සූක්ෂමව, කුමන්ත්‍රණකාරීව ජවිපය පිටට වරද පැටෙව්වා. අනික අද ඡන්දය ඉල්ලන අනුර කුමාර කියන්නේ එදා වයස අවුරුදු 20, 21 තරුණයෙක් මිසක් නායකයෙක් නෙමෙයි.
Dr. Vajira Fernando Friday, 25 October 2019 07:28 PM
ලංකා මැතිවරණ ඉතිහාසයේ කිසිම අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් මෙවර ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත්කර ඇති ආකාරයේ සවිස්තරාත්මක යතාර්ථවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. කණගාටුවට කරුණ නම් කිසිම මාධ්‍යයක් විසින් ඒ විශිෂ්ඨ කාර්ය ජනතාව අතරට ගෙනයාමට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදීමයි. අනුර කුමාර මහතාට ඒ සියලු නොසැලකීම් මැද ජයග්‍රහණය කරා යාමට ශක්තිය පතමු.
දේශප්‍රිය Saturday, 26 October 2019 06:22 AM
මාධ්‍ය මගින් අනුර දිසානායකට සහයෝගය නොදුන්නට අනිත් පිල් දෙකේ ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ යුගලය ඉදිරිපත් කරන විකට රංගන පෙන්නනවනේ. ඒවා මිනිස්සු දැක්කම අනුරගේ උගත්කම, කැපවීම ප්‍රායෝගික බව මිනිස්සුන්ට හොඳින් වටහාගන්න පුළුවන්..
මාවිල්මඩ වජිර හිමි Friday, 25 October 2019 07:31 PM
71ක් වසරක් ප්‍රධාන පක්ෂ දෙක විසින් විනාශ කරන ලද අපේ මව්බිම මේ විනාශකාරී මාවතෙන් ගලවා ගැනීමට නම් මෙවර අනිවාර්යයෙන් තුන්වෙනි බලවේගයක් දිනවිය යුතුමයි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එවැනි හැකියාවක් පෙන්වන විකල්ප වැඩපිළිවෙලක් ඇති එකම බලවේගය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. එබැවින් මව්බිමේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔබ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබා දෙන්න.
Nissanka Friday, 25 October 2019 07:33 PM
අවුරුදු හැත්තෑ එකක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු අය එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ ඡන්දෙදීවත් හිතට ගමු. රට ගොඩනගන සැබෑ වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරවමු. අපේ ආදරණිය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්, සැබෑ වුවමනාවක්, අප්‍රතිහත ධෛර්යයක් ඇති එකම අදූෂිත නායකයා අනුර කුමාර පමණයි.
Vajira Friday, 25 October 2019 07:34 PM
1930 1940 දශකවල අපේ රටේ උගතුන්, බුද්ධිමතුන් පැරණි වමේ ව්‍යාපාරය හා එකතු වී සිටි ආකාරයෙන් අද අපේ රටේ සියළුම විශ්වවිද්‍යාල ආචාර්යවරු උගතුන්, බුද්ධිමතුන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග එක්වී සිටීම ඉතාමත් සතුටට කරුණකි..
Fernando Friday, 25 October 2019 07:35 PM
විද්වතුන්ගේ අදහස්, යෝජනා මත රට ගොඩනගන සැබෑ යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් අවුරුදු 71ක් තිස්සේ රට ගමන් කළ විනාශකාරී ගමන්මග වෙනස්කිරීමට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය මේ රට නව යුගයක් කරා ගෙනයනු ඇත.
විද්වත් වෘත්තිකයෝ Friday, 25 October 2019 07:46 PM
මා දන්නා තරමින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර ඇත්තේ විශ්විද්‍යාල මහාචාර්යවරු 200 දෙනෙකුට අධික පිරිසක් ඇතුළු ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ රට ගොඩනගන වැඩ පිළිවෙලක් මූලික කරගනිමින්. මෙවැනි යතාර්ථවාදී වැඩපිළිවෙලක් මේ වනතෙක් කිසිම පාර්ශවයක් විසින් ඉදිරිපත් කර නැහැ. මෙය ප්‍රායෝගික යතාර්ථයක් බවට පත්කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතාට අපගේ සහයෝගය ලබාදෙමු..
ranasingheSaturday, 26 October 2019 05:46 AM
විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන තියනවා තමයි. එ්ත් ලොකයේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළටම යනවා. පළමුව රට හදන්න ඉස්සරවෙලා තමන් හදලා පෙන්නන්න. නැතිනම් මෙ තනතුරු පිටරට වගේ තාවකාලික කරන්න. එවිට තම විෂය ගැන හිතා රටට වැඩක් කරන මිනිස්සු ටිකක් ඔතනට එයි. අර උදවියට ෆුල් ටයිම් දේශපාලනය කරන්න කියන්න.
රජින්ද Friday, 25 October 2019 08:03 PM
අනුර ඔබ අර හැමතැනම කියකියා යන උතුර සහ නැගෙනහිර දෙමල-මුස්ලිම් ජනතාවට බලය බෙදන්න එකඟ වූ වැඩපිළිවෙල මතක ඇතුව ඕකට දාන්න. මොකද ඔයා වේදිකාවල කියන ඒවා ටිකයි, ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එකයි... මිනිස්සුන්ට හොඳට කියවාගන්න ලොකු අකුරින්ම දැම්මොත් වඩා හොඳයි. සජිත් සහ අනුර කුමාරලා යන්නේ බලය බෙදන පාරේ... ගෝඨා පමණයි කෙලින්ම කිව්වේ ඔහු බෙදුම්වාදය සහ අන්තවාදය ඍජුවම ප්‍රතික්ෂේප කරන බව... වෙනින් කිසිඳු අපේක්ෂකයෙක්ට ඒ ටික කියන්න බැහැ.
ධනුෂ්කSaturday, 26 October 2019 03:41 PM
මම ලංකාවේ පළාත් සභාවලට විරුද්ධයි. ලංකාව ෆෙඩරල් වෙනවටත් කැමති නෑ. එ් වෙන එකක් නිසා නොවේ. ලංකාව වැනි දූපතකට එය නාස්තිකාර දෙයක් පමණක් නිසා... නමුත් මේ ලංකාවේ මී හරක් ටිකක් ඉන්නවා ඔවුන් බලය බෙදීම, ෆෙඩරල් කියන දේවල් හරියට හරකෙක් රතු රෙද්දක් දැක්කම කුලප්පු වෙනවා වගේ... කිසිම පදනමක් නෑ. විරුද්ධයි බලය බෙදීම නැත්නම් ෆෙඩරල් කියන්නේ ලෝකේ තියන හොඳම දේශපාලන සංකල්පයක්.. විවිධත්වය තුළ එ්කීයත්වය අාරක්ෂා කරමින් බෙදිලා යන්න හදන ජන කොටස් එක්සත් කරන සංකල්පයක්. පොඩ්ඩක් පොතක් පතක් බැලුවා නම් තමා හරි. දේශපාලකයන් මේ බිල්ලෝ මවන්නේ රටේ ඉන්න මීහරක් කුලප්පු කරන්න...
දේශප්‍රිය Saturday, 26 October 2019 03:54 AM
2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසේන - රනිල් යුගලය පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමට නම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි. මෙවර ඔබගේ සහයෝගය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීමට ලබාදෙන්න.
ranasinghe Saturday, 26 October 2019 05:38 AM
සුරුට්ටු කඩයක් කරගන්න බැරි වුණාට මටත් අන්තර්ජාලය මගින් මනහර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කළ හැකිය.
sehan Saturday, 26 October 2019 01:15 PM
අවුරුදු 71 කතාව කියාගෙන අාවට මහා පක්ෂ 2 මාරුවෙන් මාරුවට කඩේ ගියේ කව්ද? අපිද?
Gota Saturday, 26 October 2019 01:32 PM
71ක් වසරක් ප්‍රධාන පක්ෂ දෙක විසින් විනාශ කරන ලද අපේ මව්බිම මේ විනාශකාරී මාවතෙන් ගලවා ගැනීමට නම් මෙවර අනිවාර්යයෙන් තුන්වෙනි බලවේගයක් දිනවිය යුතුමයි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ එවැනි හැකියාවක් පෙන්වන විකල්ප වැඩපිළිවෙළක් ඇති එකම බලවේගය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. එබැවින් මව්බිමේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔබ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබා දෙන්න.
ධම්ම Saturday, 26 October 2019 05:09 PM
ඔබලා ඔහොම කිව්වට අනුරකුමාරට ඡන්දේ දීලා අප කොහොමද රැකියාවක් ලබාගන්නේ? දරුවා ඉස්කෝලෙට දාගන්නේ... මාරුවීමක් හදාගන්නේ... කොටින්ම මහපාරේ වැරදිකාර පොලීසියෙන් බේරෙන්නේ...
RanasingheSunday, 27 October 2019 01:12 AM
ඔබ තුමා හරි, බීල ගිහිල්ල නිදහස් වෙන්න නම් රතුතරුවක් වෙන්න වෙනවා. පුද්ගලික ආයතනවල උසස් අධ්‍යාපනය ලබල එයාර් ලංකා එකේ රස්සා ගන්නත් එහෙමයි ඔය උදවිය ඉස්කෝල ටිකක් එහෙමයි. කඩේ යන උදවිය බෙහෙත් ගන්න