IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර ඇත.  

වැල්ලවත්ත මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය සහ ප්‍රථම උපාධිය ලබාගෙන ඇති අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටී.

හෙතෙම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යන ආයතනවල සභාපති ධුර ද හොබවා ඇත.

මේ අතර අනිල් මීගහගේ, පුබුදු විමලරත්න, අනිල් කොස්වත්ත සහ නිශාන්ත දයානන්ද යන මහත්වරුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත. කේ.ඒ. විමලේන්දිරාජා මහතා භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරියටත් කටයුතු කරනු ඇත. 

055

 



අදහස් (10)

ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට

ramani Friday, 27 December 2019 01:41 PM

පෙනුමෙන් නම් චණ්ඩියෙක් වගෙයි..

:       63       6

shanthiFriday, 27 December 2019 04:02 PM

මේවගේ කෙනෙක් මැනින් මාර්කට් එකේ කීර විකුණනවා.

:       360       8

chandimaFriday, 27 December 2019 07:00 PM

ශාන්ති කියලා කෙනෙක් මරදානේ තැනකට පොලිසියෙන් පැනපු වෙලේ අල්ලාගෙන ගියාලු තවත් තරුණියෝ කට්ටියක් එක්කලා. මූණ පත්තරේට දැම්මා නම් බලන්න තිබුණෘ ඔයත් එ් වගේද කියලා. පත්තරේ ෆොටෝඑක දාන්න ගානක් යනවා නම් ඒ ගාන මම දෙන්නම්...

:       0       1

Sunil gikiyanage Saturday, 28 December 2019 12:11 AM

ඇත්ත මිනිහ ඉන්නවද දන්නේ නැහැ.. එහෙනම් අාපහු ගියදවසක මැනින්මාර්කට් එකේ මිනිහ ඉන්නවද කියලා බලන්නකෝ...

:       0       1

ChamindaSaturday, 28 December 2019 03:47 AM

මිනිසුන් පෙනුමෙන් මනින්න එපා...

:       0       1

සිසිර එදිරිසිංහ Friday, 27 December 2019 06:39 PM

හපොයි... ආයෙමත් දේශපාලන හෙන්චයියන්ටම තනතුරු දෙන බවක් තමයි පේන්නේ. මෙතුමා තවම ආචාර්ය උපාධියවත් සමත් නැහැ. වයස ගිහිල්ලත් මහාචාර්ය වෙන්න බැරිවෙලා තියෙනවා. ඒ කියන්නේ විශ්විද්‍යාලය තුල පුස්කාපු චරිතයක්. විශ්වවිද්‍යාලවල වැඩබැරි ටාර්සන්ලා දේශපාලන පන්දම් හරහා තනතුරු ලබාගන්න බවට මේක හොඳ සහතිකයක්. ඔය විශ්වවිද්‍යාලයේම නැද්ද පී.එච්.ඩී. තියෙන මහාචාර්ය කෙනෙක් ඔය තනතුරට පත් කරන්න. පරණ සෙට් එකම තමයි අායෙත් එන්නේ... වියත් මගේ ඉන්න අය ගැන හිතාගන්න පුළුවන්. දේශපාලකයෝ කවුරුත් එකයි වගේ අමුතු වෙනසක් පේන්න නැහැ.

:       0       2

ලුම්බිණි Friday, 27 December 2019 11:36 PM

මෙතුමා අර විද්වත් මණ්ඩලයෙන් තෝරාගත්ත කෙනෙක් වෙන්න ඇති...

:       0       1

rambukwella Saturday, 28 December 2019 03:57 AM

මෙතුමාට ඉතා හොඳ සමාජ දැක්මක් තිබේ. රටේ සංවර්ධනය සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධය පිළිබඳ තියුණු විචාරකයෙකි, කවියෙකි, නවකතා කරුවෙකි. මේ නිසා සාමාන්‍ය ජන හද ගැස්ම හොඳින් හඳුනන්නෙකි. ඔහු ජනාධිපතිවරයාගේ දැක්ම මේ ආයතනය තුළ ඉදිරියට ගෙන යනු ඇත.

:       1       58

Shan Saturday, 28 December 2019 06:17 AM

දේශපාලන පත්වීම් නැතිව විභාග තියලා මේවගේ තැන්වලට මිනිස්සු ගන්න ඕනෑ.

:       0       1

නොකවුට් Saturday, 28 December 2019 07:19 AM

උගතෙක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බෙල් 212 අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙයි
2025 මැයි මස 09 724 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 99 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 104 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1001 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 248 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 204 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1249 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 317 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site