(කේ. බුද්ධික කුමාරසිරි)
විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 52 වන ගුණානුස්මරණ උත්සවය කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩිගේ‍්‍රස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්හඳුන්නෙත්ති මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අද(08) හොරණ මොරගහහේනහි පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
චේ ගුවේරා විසින් හොරණ මොරගහහේන යහලකැළේ වත්තේ රෝපණය කරන ලද මැහෝගනී ගස අසළදී මෙම සැමරුම පැවැත්විණි. ඔහු කියුබානු රජයේ අමාත්‍යවරයෙකුව සිටි සමයෙහි, මෙයට වසර 60ට පෙර ශී‍්‍ර ලංකාවේ කළ සංචාරයකදී රබර් වගාව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තක් සඳහා යහලකැළේ වත්තට පැමිණි අවස්ථාවේදී මෙම මැහෝගනී ගස රෝපණය කර ඇත.
කියුබානු තානාපතිනිය ඇතුළු ආරාධිතයින් මැහෝගනී ගසට පුෂ්පෝපහාර පුද කළ අතර පසුව කෙටි සැමරුම් උත්සවයක් පැවැත්විණි.



COMMENTS
නිදහස් අධ්‍යාපනයේ පියා ඒ කියන්නේ නුතන ශ්‍රී ලංකාවේ වැඩිම ධනාත්මක බලපෑමක් එකතු කල පුද්ගලයා වන කන්නන්ගර මහත්තයාව( ගුණ සැමරීම සැප්තැම්බර් මස 23) අමතක කරල අහක යන අය කරේ තියාගෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින එක ගැන දුකයි.
චේ දන්නවා නම් චේගේ නමින් ජේවීපිය කළ වැඩ මේ ගොල්ලන්ට පළාතේ එන්න දෙන්නේ නැහැ. අනිත් එක දැන් චේ සමරන්න අනුරගේ ජේවීපියට සදාචාරාත්මකව පුලුවන්ද? එසේ නම් රනිල් ප්‍රමුඛ යූඑන්පි යටත් පුළුවන්.
ලෝකය වෙනස් කල මිනිහෙක්.
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ගුණ සැමරුම්.
ඇන්දීම හා ඇදගැනීම