IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


චමත් පළිහපිටිය කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට ඉල්ලන්න යයි

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෝටිපති ආයෝජකයෙකු සහ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ප්‍රධාන විධායක නිලධාරියෙකු වු චමත් පළිහපිටිය 2022 වසරේදී කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරය සඳහා තරග කිරීමට නියමිත යැයි බිස්නස් ඉනසයිඩර් සම බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවා අද (27) වාර්තා කළේය.
 
මෙම ආණ්ඩුකාර ධූරය සදහා පලිහපිටිය මහතා තරග කරන බවට සදහන් කරමින් නිල නිවේදනයක් මෙතෙක් කැලිෆෝනියා රාජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කර නොමැති වුවද, ඔහු එම ධූරය සදහා තරග කරන බවට සදහන් කර ඇත්තේ ඔහුගේ නිල ට්විටර් ගිණුම හා ඔහුගේ පෞද්ගලික වෙබ් අඩවියෙන් යැයිදි එම ප්‍රවෘත්ති සේවා වාර්තාවන් හි දැක්වේ.

දැනට 39 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකාවේ උපන්, වර්තමානයේ කැනේඩියානු - ඇමරිකානු පුරවැසියකු ද වන චමත් පළිහපිටිය මහතා ලෝකයේ ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හි දෙවැනි ප්‍රධානියා ලෙසින් එම සමාජ මාධ්‍යය ප්‍රචලිත කිරීමට දායක වූවෙකුද වේ.

සය හැවිරිදි වියේදී සිය ශ්‍රී ලාංකික සිංහල ජාතික දෙමව්පියන් සමග  සරණාගතයින් ලෙස කැනඩාවට සංක්‍රමණය වූ චමත් පලිහපිටිය මහතා සිය කුඩා කාලෙය් සිය දෙමව්පියන් සමග ගත කළ දුෂ්කර කාලය ගැන  සංවේදී ලෙසින් ඇමෙරිකානු මාධ්‍ය හමුවේ මීට පෙර අදහස් දක්වා ඇත.

කැනඩාවට සංක්‍රමණය වූ මුල් කාලයේදී ඔහුගේ පිය රැකියා විරහිතව කටයුතු කර ඇති මව හෙද නිලධාරිනියක ලෙස කටයුතු කර ඇත.
විවිධ දුෂ්කරතා මධ්‍ය යේ සිටියදී වයස අවුරුදු 17 ලබද්දී චමත් පළිහපිටිය මහතා 1999 වසරේදී වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධිද ලබා ඇත. උසස් අධ්‍යාපනයෙන් පසුව  අයෝජන බැංකුවක සේවය කරමින් සිටියදී ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙත සංක්‍රමණය වී ඇත.පසුව එහිදී විවිධ රැකියාවන් හි නිරත වූයේය.
 
පසුකාලීනව ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ලොව පුරා ප්‍රචලිත කිරීමෙන් ප්‍රසිද්ධිය ලැබූ ඔහු 2011 වසරේදී එම සමාගමෙන් ඉවත්ව යාමෙන් පසුව විවිධ අයෝජන කරමින් කෝටිපති අයෝජකයෙකු හා ප්‍රධාන විධායක නිලධාරියකු ලෙසින් සිය වෘත්තීය කටයුතු මෙහෙය වුයේය.
 
වත්මන් කැලිෆෝනියා ආණ්ඩුකාර ධූරය දරන ගැවින්  නිව්සෝම් 2022 දී නැවත ආණ්ඩුකාර ධුරය සඳහා තරග කිරීමට සූදානමක් නොමැති බවද පැවසේ.



අදහස් (6)

චමත් පළිහපිටිය කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධූරයට ඉල්ලන්න යයි

නුවන් Wednesday, 27 January 2021 02:26 PM

ඔන්න දැන් අපේ අය පටන් ගනී කවි, ගී ලියන්න චමත් ගැන... මෙහෙම මනුස්සයෙක් ඉන්නවාද කියලාවත් දන්නෙ නැති ගොසිප් කාරයො ටිකටත් හොඳයි බොරු හෑලි ලියලා දාන්න.

:       5       59

විජිත් Wednesday, 27 January 2021 04:45 PM

මගේ උණුසුම් සුබ පැතුම්...!!!

:       1       6

මුණසිංහ Thursday, 28 January 2021 02:23 AM

සිංහල සරණාගතයෙක්..!! මේ කියන විදියට 1988-89 කාලේ තමයි රටින් පිටවෙලා තියෙන්නේ... එතැනත් සිතීමට යමක් ඉතිරිවෙලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේදී එතුමාගේ අදහස් 100%ක් සඵල වේවා කියලත්... අනාගතයේ දී ඇමරිකාව මෙහෙයවීම ශ්‍රී ලාංකිකයින්ට හැකියාව ලැබේවා කියලත් පතමු.

:       4       6

gagana Thursday, 28 January 2021 07:02 AM

ඔන්න අපේ පව්ඩර් වගේ සුදු වෙච්ච ටෙලි නිළියෝ කියාගන්න අය දැන් චමත්ව දැලේ දාගන්න ෆුල් වෙහෙසක් දරයිනේ? පව්..!!!

:       1       11

Raveendra Thursday, 28 January 2021 09:43 AM

මල්ලියේ කැටයම් කලාව ඇමෙරිකාවේත් ප්‍රචලිත කරන්න ඕනේ නම් කියන්න අපි ගාව ඉන්නවා.. උපදෙස් ගන්න කැටයම් කලාවේ කෙල පැමිණි පට්ටියක්ම දියවන්නාවේ. හින් නූලෙන් හොරා කනවා නම් එහෙමයි, කටින් පැණිවරකා හිටවනවා නම් එහෙමයි, තුන්ලෝකෙටම උගත්කම් පෙන්වන්න ඕනේ නම් එහෙමයි, කුඩු වෙළඳාම දැනගන්න ඕනේ නම් එහෙමයි. බැංකු හොරකම් කරන්න ඕනේ නම් එහෙමයි. ඕනෑම විෂයකට අදාලව අපි ගාව ඉන්නවා තක්කඩි රෑනක්... ඕන උදව්වක් දෙන්නම් මලයට හොඳේ...

:       1       12

sharm warn Monday, 01 February 2021 06:08 AM

ආඩම්බරයි වගේම හරිම සතුටුයි.. ඔබේ ජයග්‍රහණය අපේ සිහිනයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site