IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


චීන කාබනික පොහොර ආනයනය නවත්වයි‍

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

 චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

 



අදහස් (9)

චීන කාබනික පොහොර ආනයනය නවත්වයි‍

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 29 September 2021 12:48 PM

චීනාගේ අසූචි මිශ්‍ර කොම්පෝස්ට් පොහොර ගෙනඒමට විරුද්ධව හඬනැඟූ සැමට ස්තූතිවේවා.!!!  !!!

:       0       0

fairoos Wednesday, 29 September 2021 01:13 PM

මෙතුමාගේ කයිය විතරයි. ඉන්න කම් සහල් ගේන්නේ නැහැ කියලා කිව්වා වගේ තමයි මේකත්..

:       0       0

sam Wednesday, 29 September 2021 01:13 PM

අනේ මම දන්නේ නැහැ... ඒකත් ෆේල් කරන කරන හැම එකම ෆේල්. කරන අරමුණු හොඳ නැහැනේ.. මිනිස්සු රවට්ටලා චිනාගේ ජරාව ලංකාවට කවන්නයි, පොහොර කියලා චීන ජරාව ආනයනය කරන්නයි හදන්නේ. ඒ අයගේ පවුලේ අයට මේවා දුන්නා නම් හරි. මෙයාලාගේ එකම බලාපොරොත්තුව ජනතාව හිඟමනට දාලා මුදල් වංචා කරන එකයි. ඒකයි හැමදාම ෆේල් වෙන්නේ.

:       3       37

Nuwan Wednesday, 29 September 2021 02:15 PM

අපේ රට දැන් විනාස වෙලා ඉවරයි

:       0       0

dhamneth Wednesday, 29 September 2021 02:25 PM

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ ඕනැවටත් වඩා තියෙනවා. රටේ සෑම ප්‍රාදේශීය සභාවකට හා නගර සභාවකට නියෝග කරන්න තම ප්‍රදේශයේ නිවෙස්වලින් ඉවත් කරන කුණු එකතු කර කාබනික පොහොර නිෂ්පාදනය කරන්න කියලා.

:       3       10

saman Wednesday, 29 September 2021 02:39 PM

යකෝ මෙයාම නේද මේවා හොඳයි, බැක්ටීරියාවන් නෑ කියලා මැරෙන්න හැදුවේ.... මේ අයට කිසිම ප්ලෑන් එකක් හදන්න තේරෙන්නේ නෑ. මෙහෙම අය නිසා රට අමාරුවේ.. මෙයාගේ කට හදන්නත් බෑ.. මොළේ හදන්නත් බෑ.. මෙයා හැදෙන්නෙත් නෑ. මෙහෙම හිතුණු හිතුණු දෙවල් කියලා කරලා රට දියුණු කරන්න බැහැ. වැඩසටහනක් හදලා ටාර්ගට් සෙට් කරලා පියවරෙන් පියවර කරන්න ඕනෑ. භූතානේ කාබන් පෝර වැඩසටහන් අවුරුදු 15ක ප්ලෑන් එකකින් කරපු වැඩක්... වැඩ බැරි ෆේල් බූරුවන් මේක අවුරුදු 71ක් කෑවා...

:       1       22

පැරකුම් Wednesday, 29 September 2021 02:45 PM

පසට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර හදන හැටි අපි නම් දන්නෙ නෑ. චීනයේ නව සොයාගැනීමක්ද දන්නෙත් නෑ. කොහෙන් ගෙනාවන් කාබනික පෝර රටින් ගේන එක අති භයානක, අමන ක්‍රියාවක් බව කට ඇරලා කියන්න තරම් ශක්තියක් අපේ උගතුන් යැයි කියන අයට කොන්දක් නැති හැටි... හරි පුදුමයි. නැත්නම් බයයිද?

:       1       16

samiraWednesday, 29 September 2021 04:27 PM

උගත්තු පණයනකම් කියනවා අනේ කෝ මේ අපි පත්කර ගත්තු අමනයින්...? ඒවා අහනවැයි ...

:       0       0

sena Wednesday, 29 September 2021 02:56 PM

දැන් ඉතින් පොහොර ගැසට් ඒකත් අකුල ගනන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 864 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 972 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site