(දසුන් රාජපක්ෂ)
නව කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ වුහාන් සිට මෙරටට ගෙන්වා ගත් සිසුන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට චීන විශ්ව විද්‍යාල මේ වනවිට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
චීනයේ වුහාන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සහ විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳ චීන මධ්‍යම විශ්ව විද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බව වුහාන් සිට මෙරටට පැමිණ සිටින කසුන් වික්‍රමගේ ශිෂ්‍යයා අද (21) පැවසීය.
මේ වන විට ලංකාවේ සිටින වුහාන්හි උසස් අධ්‍යාපනය ලැබූ සිසුන් 33 දෙනා අතරින් පිරිසක් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඔවුන්ගේ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින බවද කසුන් වික්‍රමගේ ශිෂ්‍යයා සඳහන් කළේය.
මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය යටතේ සිදුකෙරෙන ඉගැන්වීම් කටයුතු එම විශ්වවිද්‍යාල ආරම්භ කරන තෙක් සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල බලධාරීන් තමන් වෙත දැනුම් දුන් බව එම ශිෂ්‍යයා වැඩිදුරටත් කියා සිටියේය.
නව කොරෝනා වෛරසයේ බලපෑම චීනයෙන් පහව යන තෙක් අදාළ විශ්වවිද්‍යාල වසා තැබෙන අතර ඒවා ආරම්භ කෙරෙන දින වකවානු මෙතෙක් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට දැනුම් දී නොමැත.
COMMENTS
මෙව්වා අහල බලලවත් අර ටයි පොලු ගෙන ගොයන් කපන ඉහල තනතුරුවලට අරක් ගත්තු හොහපුටුවන්ට මොලේ පහලවෙලා, අපේ රටේ අධ්‍යාපන ආයතනවලටත් මේ වගේ නව තාක්ෂණ හඳුන්වා දුන්නොත්, ඔය දුර බැහැර පාසල්වල ගුරු හිගයටත්, ටියුෂන් කඩ කාරයින්ගේ මාෆියවටත්, විශ්ව විද්‍යාලවල ළමයින්ව උසිගන්වල එකම අත් අකුරින් ලියපු පෝස්ටර් අතට දීල පාරට බස්සවන රතු කල්ලියටවත්, අලුතෙන් විශ්ව විද්‍යාල වලට එන ළමයි දැක්කම මොලේ විකල් වෙලා නවක වදේ දෙන මානසික අබධිතයන්ටත් අයෙත් ඔලුව උස්සන්න බැරිව යනවා.
චීනයේ සිට පැමිණි විශ්වවිද්‍යාල වල සිසුන්ට අන්තර්ජාල පහසුකම් සිමාරහිතව නොමිලේ දෙන්න කියලා ඉල්ලනවා. මගේ දුවත් වෛද්‍ය සිසුවියක්. ලේක්චර්ස්වලට ගොඩාක් ඩේටා යනවා. බලධාරීන්ගේ කාරුණික අවධානයට යොමුවේවා..!!!