(ඩී.කේ.රත්න)
චීනයේ සිට මෙරටට පැමිණි සිසුන් දියතලාවට රැගෙන ඒමට රජය ගෙන ඇති තීරණයට තමා විරුද්ධ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද (30) පැවසීය.
වතුකරයේ ජනතාවගේ වතු නිවාස එක පෙළට පිහිටා තිබීමත් එම නිවාස පේළිවල විශාල ලෙස ජනතාව ජීවත්වීම හේතුවෙන් වතුකරයට මෙම වෛරසය පැතිරුණ හොත් මුළු වතුකරය පුරාම පැතිරයාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසීය.
මෙම වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් වී නොමති බැවින් දමිල භාෂාව දන්නා නිලධාරීන් යොදවා මෙම වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මේ සඳහා ඉතා ඉක්මනින් රජය මැදිහත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කීය.
චීනයේ සිට මෙරටට පැමිණෙන මෙම පිරිසට මෙම කොරෝනා වෛරසය ආසාධනය වී මෙම ප්‍රදේශයේ වෛරසය පැතිර ගියහොත් විශාල විනාශයක් සිදුවිය හැකි හෙයින් මෙම රෝගීන් දියතලාවට රැගෙන ඒම වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනම් ඒ ළමයි ටික කොහේට දාන්නද කල්පනාව?
මැදමුලනට යැව්වොත් නරකද?
මීට වඩා තව චුට්ටක් විතර බුද්ධියක් තියෙන අයෙක් මේ පැත්තෙන් පාර්ලිමේන්තුවට එවන්න ඇත්තෙම නැද්ද?
බූරුවෝ කියන විදියට රටක් පාලනය කරන්න පුලුවන්ද ? ඔහොම යන්. ඔහොම යන්.
මෙයා හිතන් ඉන්නේ ලෙඩ ළමයි අාව ගමන් දියතලාවට එනවා කියලා, මහත්තයෝ ළමයින්ට ලෙඩ නැහැ.. එ්ත් දියතලාවට එවන්නේ සති 2ක් බලන්න විතරයි..
හැබැයි ඇමෙරිකාවේත් ඔය විදියට ගෙනාපු තමන්ගේ පුරවැසියන් කෙලින්ම යවලා තියෙන්නේ යුද හමුදා කඳවුරකට කියලයි ප්‍රවෘත්තිවල තියෙන්නේ...
ඔහේ කොහොමත් විරුද්ධවාදියෙක්නේ...
මේ ළමයි දියතලාවට ගෙනත් නතර කරන්නේ වතු ලැයිමක නොව පහසුකම් සපිරි ආරක්ෂිත හමුදා කඳවුරේ කියලා මෙතුමා නොදන්නවා වගේ. දියතලාව කඳවුර අක්කර 1000ට වඩා විශාල කඳවුරක්. ඒවාට වතු නිවාස නොමැති අතර වතු ජනයාට කඳවුර ඇතුලේද වැඩ නැත.
යවන්න තැනක් ඇත්තෙම නැත්නම් දියවන්නාව පැත්තට යැව්වොත් නරකද ?
වඩිවේල් සුරේෂ්ගේ ගෙදරට යැව්වනම් ඉවරයි.
මේ වයිරස් බෝවනවිට දෙමළ, සිංහල, මුස්ලිම්, කතෝලික කියල නොවෙයි බෝවෙන්නේ. මේකට ගොදුරු වෙන්නේ මනුස්ස ජාතිය. පොදුවෙන් සමබරව බලන්න.
ඔයාට පුළුවන්නේ දමිල භාෂාවෙන් කියන්න ජනතාවට...? ඡන්ද කාලෙදි විතරයිද ඔයා ජනතාව දැනුවත් කරන්නේ..?
අර හදපු නෙලුම් කුලුන ගැන මොකද කියන්නේ ? ප්‍රයෝජනයකට ගන්න හොඳම අවස්ථාව.
අනේ හපොයි මේ කොරෝනාවෙන් බැට කන චීනයේ වුහාන් වලත් නැති ප්‍රශ්න මේ දියතලාවේ....
වතුකරයේ ජනතාව විතරක් නොවෙයි මේ මහත්තයත් දැනුවත් නැහැ. වතුකරයට නෙවෙයි මේ ළමයි යවන්නේ දියතලාව හමුදා නිවස්නයකට නිරෝධායන කාලයක් සඳහා. ඒ පිළිබඳව මේ මහත්තය දැනුවත් වුනා නම් හොඳයි.
කොරෝනාවලින් මුළු ලෝකේ ආසාදනය වෙලාතියෙන ගානටයි, මැරිලා තියෙන ගානටයි වඩා ලංකාවේ ඩෙංගු ආසාදනය වෙලා ඉන්න ගානයි, මැරිලා ඉන්න ගානයි වැඩියි. ඉතින් මොකද මේ කලබලේ?
එහෙනම් මේකට උත්තරයක් දෙන්න. ඔබතුමාගේ දුව සහ පුතා එතන හිටියනම් මොකක්ද ඔබතුමා ගන්න තීරණය ? මේ තීරණයට කැමති වෙනවද නැත්නම් වෙන තීරණයක් ගන්නවද එහෙමනම් මොකක්ද ඒ තීරණය?
ඇඟේ සයිස් එකටම මොලේ තියෙන ඈයෙක්.
දියතලාවට යවන්න ඇත්තේ එහෙ සිසිල් දේශගුණයක් තිබෙන නිසා. සමහරවිට වෛරස් පැතිරෙනවා අඩු නිසා වෙන්න පුළුවන්. අනිත් කාරණය කොළඹ වැනි තදාසන්න උෂණ දේශ ගුණයක් තිබෙන ප්‍රදේශයකට යැව්වොත් මේක විශාල ලෙස පැතිරෙන්න පුළුවන්. මොවුන් ඉන්නේ හමුදා කඳවුරේ. මොවුන් දියතලාවේ ඇවිදින්න යන්නේ නැහැනේ ? කරුණාකර කට වහගෙන ඉන්න.
වතුකරයේ ඉන්න මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නේ නැහැ. එයාලගේ හිත්වල තෙත්ගතිය හොඳටම තියෙනවා. ඔයාලා වගේ අය තමයි එයාලගේ හිත් ගිනිගත්තනේ...
හැම කුණුගොඩම හමුදවට තමයි ඉතින්.
මෙයාගේ දැනුමේ තරම තේරෙනවා නේද? මෙයාට වැඩිය පොඩ්ඩක් හෝ මොලේ තියෙන කෙනෙක් ඔය පැත්තෙන් පාර්ලිමේන්තුවට එවන්න ඊළඟ පාර...
කව්ද මේ හාදයා?
පිටිගල මිලානෝ මනුස්සයෙක්ද? නැත්තන් මනුස්ස වෙස් ගත් අමනුස්සයෙක්ද? කොමෙන්ටුවේ හැටියට නම් දෙවෙනි එක වගෙයි...
එහෙම නම් ඔවුන්ව යවන්න සිදුවෙන්නේ ඩෙල්ෆ්ට් හෝ කච්චතිව් වැනි දූපතකටයි.
මෙයාට අමතක වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා...
අඹේවෙල සිටියයුතු හරක් පාර්ලිමේන්තු යැවීමෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.
යුද හමුදාවට අයත් ප්‍රදේශයකට ගේන්න මෙයාගේ අවසර ගන්න ඕනෙද? හමුදා කඳවුර කිට්ටුව කොහෙද ගෙවල් ? කියන්නන් වාලේ මොනවා හරි වගකීමක් නැතිව කියන මන්ත්‍රීවරුන්ට මහජන මුදලින් පඩි ගෙවන රටක් මේක.