IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


චුන්නාකම් ප්‍රදේශවාසීන්ට වන්දි ගෙවන්නැයි වතුර අපවිත්‍රකළ සමාගමට නියෝග

(තරිඳු ජයවර්ධන)
 
වඩාත් කතාබහට ලක්වූ යාපනය චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වූ ප්‍රදේශවාසීන් 500 දෙනකුට රුපියල් ලක්ෂ 200ක වන්දි ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) නියෝග කළේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමිනි.
 
මහජන අර්ථසාධක නඩුකරයක් ලෙස මෙය විභාගයට ගැනුණු අතර අද ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව තීන්දුව ලබා අධිකරණය ප්‍රකශ කළේය.
 
චුන්නාකම් විදුලි බලාගාරයක් නිසා ජලය අපවිත්‍ර වීමට එරෙහිව රජයේ ආයතන නිසි ක්‍රියාමාර්ග නොගත් බව කියමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.
 
මෙම තීන්දුව ලබා දීමේදී ඉන්දියාවේ මෙවැනිම මහජන අර්ථකර නඩු කිහිපයක තීන්දු ද සැළකිල්ලට ගෙන තිබේ.

මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසිනි.

නීතීඥ නුවන් බෝපගේ මහතා සහ නීතීඥ චතුර වෙත්තසිංහ මහතා පෙත්සම්කාර රවීන්ද්‍ර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

අද ලබා දුන් සම්පූර්ණ තීන්දුව පහතින්...

http://www.supremecourt.lk/images/documents/sc_fr_141_2015.pdf



අදහස් (3)

චුන්නාකම් ප්‍රදේශවාසීන්ට වන්දි ගෙවන්නැයි වතුර අපවිත්‍රකළ සමාගමට නියෝග

sarath Thursday, 04 April 2019 05:50 AM

තවත් තියෙනවා. පී.එච්.අයි ,මහවැලි අධිකාරිය ,ජලසම්පදනේ ඉන්න උනහේ ලාටත් නඩු දාන්න ඕනේ ජල සම්පත විනාශ කරන්න හෝටල් කරුවන්ට,ගරාජ් කරුවන්ට, කම්මල් කරුවන්ට ඉඩ දෙනවට. කළමනාකරණයක් නැතිව අපජලය පරිසරයට ,වැව් පොකුණු, ඇල දොළ ට බැහැර කරනවට වගකිවයුතු සියලුම දෙනාට නඩු පැවරිය යුතුයි .

:       0       28

Nuwan Thursday, 04 April 2019 05:58 AM

උතුරට වන්දි.දකුණේ පස්සර ජනතාවට වෙඩි.

:       14       49

Sriyal Thursday, 04 April 2019 06:54 AM

විශිෂ්ඨ නඩු තීන්දුවක්. නඩු විභාගය කල් ගත නොවේ නම් සාධාරණය අගය කළ යුතුය.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 129 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site