(නිමන්ති රණසිංහ)
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියැදුරා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහෙස්්ත‍්‍රාත් ආර්. බණ්ඩාර නෙළුම්දෙණීය මහතා නියම කළේය.
අන්තරාදායක ලෙස රිය පදවා පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෝටර් වාහන පනත ප‍්‍රකාරව වරදක් කළැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට ගොනු කර තිබූ චෝදනාපත‍්‍රයට වරද පිළිගත් මෙම චූදිතට මහේස්ත‍්‍රාත්වරයා එලෙස දඩ නියම කළේය.
මෙලෙස දඩ නියම වූයේ කලපලූවාව රාජගිරියේ පදිංචි නිමේෂ් දිල්ෂාන් බස්නායක නමැත්තාටය.
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාව කොටුව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත පෙනී සිටින ලෙසට නියම කර තිබූ අතර ඔහු ඉකුත් 31 වැනිදා අධිකරණයේ පෙනී සිට නැවත පිටත්ව යන අවස්ථාවේදී ඔහුගේ රියැදුරා මෙම රථවාහන වරද සිදුකර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
COMMENTS
නඩු පිට නඩු - පෙරළි පෙරළි....
වැදගැම්මකට නැති මිනිස්සු ගැන මොකට දානවද මන්දා? මේවා දාන්නත් දේවල්ද?
මේ චන්දිමාල් ජයසිංහ කියන්නෙ තනිව විදවන ලෙඩෙක්. පව් ඉතින්,මෙයාලට අනුකම්පා කරලත් බෑ නොකරත් බෑ.......
මොහු මුදල් හොයන්නේ රූපලාවණ්‍ය කටයුතු වලින් නෙවෙයි. ඒක නමට දාගත්ත එකක්. හරියට අර සම්බාහන ආයතන කියලා කරගෙන යන සමහර තැන් වගේ...
මල විකාර...!!!
මේ රියදුරා මසුරන් වටිනා කතාවක් කියනවා. "වාහන එලවනකොට නීති කැඩෙනවා, ඒවාට උසාවියෙන් දඩ ගහනවා, ඔයගොල්ලොත් වාහන එළවනවා ඇතිනේ, දඩ කොළ කනවත් ඇතිනේ" නියම කතාවක් මාෆියාවට...