(උපාලි ආනන්ද)
 
මිහින්තලේ පුදබිමේ පිහිටි චෛත්‍යයක් මතට නැග ජායාරූප ගත්තැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්  දෙදෙනා පෙබරවාරි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ  මහතා  අද (15) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතියව දැක්වෙන  වාර්තාවක් අධිකරණයට හමවුට ඉදිරිපත් කරන ලෙසටද මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගුණතිලක මහතාට වැඩිදුරටත් නියෝග කළේය. 

මෙසේ බන්ධනාගාර ගත කෙළේ මූතූර් පදිංචි  18 හැවිරිදි ජලාල්දීන්  රිෂ්නි අහමඩ් සහ  20 හැවිරිදි රසීක් මොහොමඞ් ජිෆ්රි යන සැකකරුවන් දෙදෙනාය.

සැකකරුවෝ නිට්ටුඹව තිහාරිය ප‍්‍රදේශයේ පෞද්ගලික අරාබි විද්‍යාලයක ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 20 වියෙහි පසුවන්නෝ වෙති.