IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුර පුළුස්සන්න බැරිවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
මොරටුව- එගොඩ උයන ප්‍රදේශයේ අත්හැර දමන ලද ලී මෝලක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පුළුස්සා දැමීමටත් ගත් උත්සාහයක් අද(24) අලුයම ව්‍යර්ථ වී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.
 
ලී මෝලේ ගින්නක් දුටු සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර ඔවුන් ගින්න නිවීමට පැමිණීමේදී ඒ අසළ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයට පැමිණ පලාගොස් ඇති බවද, ඒ පසුපස හඹා ගිය ලී මෝල් හිමිකරුගේ පුතුව එම මෝටර් රථ රියදුරු අනතුරකට ලක් කර ඇති බවද පොලිසිය පවසයි.
 
ගින්න ඇති වූයේ මළ සිරුර පුළුස්සා දැමීමට කරන ලද උත්සාහයක් නිසා බව හෙළි වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියයි.
 
මෙසේ ඝාතනය කර ඇත්තේ මහරගම නාවින්න පදිංචි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.


ඔහු 51 හැවිරිදි දෙදරු පියෙකු බවද හෙළි වී ඇත.


ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මෝටර් රථය කහතුඩුව වෙනිවැල්කොප දෙල්ගහ ඇළට දමා තිබියදී කහතුඩුව පොලිසිය සොයා ගෙන ඇත.

 



අදහස් (3)

ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුර පුළුස්සන්න බැරිවෙයි

Senarath Thursday, 24 January 2019 08:10 AM

මොනවද මේ රටට වෙන්නේ? හැම තැනම ඝාතන, බෝම්බ සහ ආයුධ මත්වෙනවා. කුඩු කිලෝ සිය ගණන් අහුවෙන්නේ. රජයට බැරිද මේවා පාලනය කරන්න. රජය හිතන්න ඕනේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාව ගැන. මෙහෙම ගියොත් ඉන්න උගත්තු ටිකත් රට දමලා යනවා. මොන ආයෝජකයද මෙහෙම වෙනකොට මේ රටට එන්නේ?

:       243       250

perera Thursday, 24 January 2019 01:01 PM

ඔච්චර නටන්න දෙයක් නෑ මහත්තයෝ... ලංකාවේ චිරාත් කාලයක ඉඳන් අවුරුද්දකට මිනී මැරුම් 3000 ක් විතර වුණා.. (යුද්ධය නැතිව, සිවිල් වැසියන් අතර මරා ගැනීම්)... දැන් අඩුයි. මගේ මතකේ හැටියට ගිය අවුරුද්දේ 1000 ක් විතර, ඒ කියන්නේ දවසකට තුනක්... මේවා ඔක්කොම වාර්තා කරන්න ගත්තොත් වෙනම පත්තරයක් ගහන්න පුළුවන්. චීවරධාරියොත් මිනී මරනවා. ඔබතුමා බණ කතා කරනවා. ආණ්ඩුව ඕවා පාලනය කරන්නේ හැම ගෙදරටම පොලිසිය ගානේ දාලද?

:       370       409

rocky Friday, 25 January 2019 12:27 PM

සෙනරත් මහත්තයෝ, රජයට කරන්න පුළුවන් කමක් නැහැ රටේ මිනිසුන් කරන අපරාධ නතර කරන්න. අපරාධකරුවන් අල්ලලා නඩුපවරන්න දඬුවම් කරන්න පුළුවනි. අපේ ජන සමාජය හොඳටම පිරිහිලා. ආණ්ඩුත් එහෙමයි. ඔක්කොම යන්නේ මහා ලොකු ප්‍රපාතයකට. ඔහේ කියන විදිහට නම් හැම ගෙදරකම පොලිස් ස්ථානයක් දමන්න සිද්ධ වේවි!

:       0       373

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site