(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දුන් බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

එම උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙනු ඇති බවත් එම සමාගම් ඒ අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය අලගිවන්න මහතා වැඩි දුරටත් කීය.