IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඒ මහතා බ‍්‍රහස්පතින්දා (13) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතය.

ඔබේ සිනා ළඟ සිත නැවතුණ දා, ඔබ මා හමුවේනම්, සාගර තරංගා වැනි රසිකයන් අතර අතිශය ජනප‍්‍රියත්වයට පත් ගීත රාශියක් ගායනා කර ඇති ඒ මහතා ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණයෙන් ද දායකවී ඇති අතර ටෙලි නාට්‍ය කිහිපයක් සදහා රංගනයෙන්ද දායකවී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු සදහන් කර සිටියේ කලාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ දැවැන්තයන් බිහිකළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. එමෙන්ම ගුවන් විදුලියේ අභිමානය සුරැකෙන අකාරයෙන් තමන් කටයුතු කරන බවද ඔහු කීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මහතා මේ මස 5 වැනිදා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.



අදහස් (11)

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ

සාරසී Tuesday, 11 February 2020 11:40 AM

සුභ පැතුම් !

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 February 2020 12:22 PM

හද බැඳී ගායකයෙක් වන ජගත් වික්‍රමසිංහට තිබෙන පරිපාලන අත්දැකීම් මොනවාද? කිසිම පරිපාලන අත්දැකීමක් නැති මොහු මෙතරම් විශාල සහ සංකීර්ණ ආයතනයක් පාලනය කරන්නේ කෙසේද? මට නම් හිතෙන්නේ රැකියා වලට පුද්ගලයින් තෝරණ වියත් මණ්ඩලය මාරු කරන්න ඕනේ කියලයි.

:       0       1

Dasa P Tuesday, 11 February 2020 01:14 PM

හොඳ තීරණයක්.

:       1       0

salith Tuesday, 11 February 2020 01:44 PM

ගැලපෙන පුද්ගලයෙක්..., කලින් පත්කරපු අයට වඩා ගොඩක්ම හොඳ කෙනෙක්....

:       1       0

Karunarathne Diwulkumbura Tuesday, 11 February 2020 04:29 PM

මගේ බුදු මාමණ්ඩිට මොකද වුනේ?

:       0       1

Champa Tuesday, 11 February 2020 05:13 PM

රෝහණ දේව පෙරේරාව අයින් කරලා ජගත් වික්‍රමසිංහව පත් කරන්න හේතුව මොකක්ද? ජගත් ලස්සන සින්දු ටිකක් කියපු හින්දද? විශාරද හින්දද? ජගත් වික්‍රමසිංහගේ සින්දු වලට මමත් කැමතියි. හැබැයි රෝහණ දේව පෙරේරාට වඩා ඉහලින් තෝරා ගන්න ජගත්ට තියෙන සුදුසුකම මොකක්ද? රෝහණ දේව පෙරේරා සමාජය වෙනුවෙන් විශාල සේවයක් කරපු කලාකරුවෙක්. විශේෂිත අබාධිත දරුවන් ගැන කියන "හඳුනාගන්න මා" සහ ඔහු අධ්‍යක්ෂණය කළ වේදිකා නිර්මාණ එක්ක බලපුවහම ජගත් වික්‍රමසිංහට ඔහුත් එක්ක හැරෙන්නවත් බැහැ. මේක තමයි ලංකාවට තියෙන ප්‍රශ්නේ. මේකත් හරියට බිම් මට්ටමයි වියත් මඟයි අතර වෙනස වගේ.

:       0       1

MaheeWednesday, 12 February 2020 08:39 AM

"ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත". ආයේ දෙකක් නෑ. ජගත් ගායන ලෝකයේ දිදුලන තරුවක්. මම ඉතාම කැමති ගායකයෙක්. නමුත් සංස්ථාවක් හෝ ඕනෑම ආයතනයක් කොටින්ම ආණ්ඩුවක් වුණත් පාලනය කලයුත්තේ දක්ෂ කළමනාකරුවෙකු විසිනුයි. මට ජගත් ගැන දුකයි. ගුවන් විදුලි සංස්ථාව ගැන ඊටත් වඩා දුකයි.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 11 February 2020 05:48 PM

දාම් පෙතේ ඉත්තෝ වගේ සංස්ථා ලොක්කන් එහෙ මෙහෙ කරලා ආයතන හදන එක මේ රජයට පුරුදු කරේ හිටපු සිරිසේන ගොයියා නොවේද ? ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මේ තනතුරට පත්කරේ දින කීයක කොන්ත්‍රාත්තුවක් මතද කියා ජනතාව බලා සිටී.

:       0       0

Hemantha Wednesday, 12 February 2020 03:06 AM

ඔබතුම පක්ෂ බේදයකින් තොරව හැමෝම ගරු කරන ගායකයෙක්. එමනිසා මෙය දේශ පාලන පත්වීමක් වුනත් පක්ෂග්‍රාහී නොවී හොද ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරොත් ඔය හොඳ නම හැමදාම තියා ගන්න පුළුවන් වේවි. නැතිනම් අර කුනුගොඩටම වැටේවි.

:       0       2

sharm warn Wednesday, 12 February 2020 03:52 AM

ජගත් මහත්මයා සුභ පැතුම්.! ඔයාගෙන් සාධාරණ සේවයක් රටම බලාපොරොත්තු වෙනවා.

:       0       2

Ajith Nissanka Wednesday, 12 February 2020 04:21 AM

බොහොම කාලෙකට පස්සේ කාටත් සතුටු වෙන්න පුළුවන් පත්වීමක් මේක ! ඇත්තටම සතුටුයී

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31118 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13246 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 882 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site