
(අමදෝරු අමරජිව)
චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිගේ වාර්ෂික පරික්ෂණය පැවති අද (4) උදෑසන වාර්ෂික පරික්ෂණයට පෙර විදුලි නඩත්තු කටයුත්තක යෙදී සිටි ගුවන් භටයන් පස්දෙනෙකුට විදුලිසැර වැදී ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර සිටින බව රෝහල් පොලිසිය කියයි.
විදුලි නඩත්තු කටයුත්තේ යෙදි සිටි ගුවන් භටයා නැග සිටි ඉනිමග සෙසු හතර දෙනා අල්ලා ගෙන සිටි අවස්ථාවේ පස්දෙනාටම මෙසේ විදුලිසැර වැදි ඇතිබව පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ.
විදුලි සැර වැදුණු ගුවන් භටයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සෙසු තිදෙනා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd