(බිඟුන් මේනක ගමගේ)
ගුවන් ටිකට්පත් වෙන් කළ සමාගම විසින්ම ඒවා අවලංගු කර යළි මුදල් ලබා ගැනීමේ සිදුවීමක් හේතුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.
ගුවන් ටිකට් ටිකට්පත් වෙන් කරන නියෝජිත සමාගමක් තමන් විකිණූ ගුවන් ටිකට් පත් අවලංගු කර එම මුදල් යළි ලබා ගෙන ඇතැයි ද එහි හිමිකරු එමඟින් රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික මුදලක් වංචා කර ඇතැයි ද ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් 'ලංකාදීපය'ට පැවසූහ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙම සමාගම හරහා ඔන්ලයින් ක්‍රමයට ගුවන් ටිකට්පත් වෙන්කර ගෙන ඇතැයි ද ගුවන් ගමනට නියමිත දිනයේ දී ගුවන් තොටුපළට ගොස් විමසීමේදී අදාල ටිකට් ටිකට් පත් අවලංගුකර එම මුදල් සමාගම විසින්ම යළි ලබා ගෙන ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද ඔවුහු කීහ.
පසුව එම සමාගම පිහිටි කාර්යාලයට ගොස් ඒ ගැන විමසීමට උත්සාහ කළ ද එහි හිමිකරු පලාගොස් ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද ඔවුහු කීහ.
ඒ අනුව තමන් ඉතාලි පොලීසියට මේ ගැන පැමිණිලි කළේ යැයිද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ඉදිරියේදී දැනුවත් කරන්නේ යැයි ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
2025 නොවැම්බර් මස 04
195
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2072
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් ටිකට්පත් වංචාවකින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අමාරුවේ
පිටිගල මිලානෝ Monday, 16 December 2019 10:32 AM
ඉතාලියේ ඉන්න මෝඩයින්ට මේවා හොඳ පාඩම්. අන්තර්ජාලයෙන් ලාභයට තමන්ට රිසි ගුවන්සේවාවකින් ටිකට්පත් මිලදී ගන්න පහසුකම් තිබියදීත් මේ මී ගවයින් යන්නෙම ලියාපදිංචි අංකයක් වත් නැති ‘දුවනගිරි’ ඒජන්සි වලට. ඉතාලියේ ගොඩක් අය දන්නේ කොම්පියුටරයෙන් චිත්‍රපට නරඹන්න මිසක් අනික් ප්‍රයෝජනවත් දේවල් කරන්න නොවේ.
samarasinghe Monday, 16 December 2019 02:21 PM
පිටිගල ඉතාලියේද ඉන්නේ? ටිකට් එකක් ඔන්ලයින් ගන්න බැහැනේ.... මොකද වෙනත් කොන්දේසි තියෙන්නේ එම ටිකට් වල ඒවා අපේ රටට හෝ වෙනත් විදේශිකයෙක් තම මව්රටට යනවිට අදාල කරගන්න බැහැ. ටිකක් හොයලා බලන්නකෝ... අනික හැමෝම දුවනගිරි ඒජන්සි නෙමෙයි කියලත් ඔයා දන්නවනේ.. ඔයාගේ පිළිතුර ලංකාවේ ගෝත්‍රික පිළිතුරක් මිසක් ශිෂ්ඨ සම්පන්න ලෝකෙට අදාල වෙන්නේ නැහැ...
පිටිගල මිලානෝ Monday, 16 December 2019 02:52 PM
සමරසිංහ මහතාගේ පිළිතුරෙන්ම පැහැදිලි වෙනවා ඔහුත් ඉතාලියේ මම ඉහත කී කොටසටම අයිති කෙනෙක් කියලා. අන්තර්ජාලයෙන් ටිකට් පතක් මිලදී ගන්නා විට සාමාන්‍යයෙන් උපරිම බර කිලෝ විසිතුනක් ලෙස සඳහන් වුණත් අදාළ ගුවන් සේවාව ශ්‍රී ලාංකිකයින්ට කිලෝ තිහක් හෝ හතළිහක් දෙනු ලබන කාලසීමාවක නම් ඔබ ගමන් කරන්නේ, ඔබ කළ යුත්තේ අදාළ ගුවන්සේවාවට ඔබගේ ටිකට් අංකය දුරකථනයෙන් දී බර ප්‍රමාණය වෙනස් කර ගැනීමයි. අහෝ සමරසිංහ නොදුටු මොක්පුර...!!!
WICKY FLORNCE Monday, 16 December 2019 03:18 PM
මම නම් ගුවන් ටිකට් පත ගන්නේ ඉතාලි ඒජන්සියකින්, පොඩි ගාණක් වැඩිවෙන්න පුළුවන්.. නමුත් හිතට බයක් නෑ... සම්පූර්ණ වගකීම තියනවා. ඒ වගේම හදිසියේ දින වෙනස්කර ගැනීමකදී වුවද ලංකාවේදී ගුවන් සමාගම් කාර්යාලයෙන් කිසිම ගැටළුවක් නැතිව කරගන්න පුළුවන් වීම.. මේ ප්‍රශ්නය නිතර නිතර ඇහෙන දෙයක්... අපේ අය හැමදාමත් කරන්නේ සුළු ලාභයක් තකා දැන දැන අමාරුවේ වැටීම පමණි.