(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටී.
ඒ අනුව, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14ක් ගෙවා, ගුවන්ගත වීමට පැය 72ට පෙර ලබා ගත් සෘණාත්මක පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන මගීන් ව ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණකර මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් සඳහා අවසර ලබා දී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කීය.
එලෙස පැමිණෙන මගීන් සියලු දෙනාම ගුවන්තොටුපළේදී යළිත් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කෙරෙන බවද හෙතෙම කීය.
එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ "ජෛව බුබුළ" සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරන ලෙස මෙරටට ගෙන ඒමට රජය ගුවන් සේවා සමාගම් වෙත අවසර ලබාදී ඇතැයිද උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ නමුත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන් රැගෙන ඒමේදී එක ගුවන් යානයක රැගෙන ආ හැක්කේ මගීන් 75 දෙනෙක් පමණක් බවත් , එම මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් උපදෙස් ලබා දුන් බවද සිවිල් ගුවන් සේවා අධිකාරී සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිය වෙනස් කළේ මේ රටේ ජනතාවට ආදරේකින් නෙමේ, අගෝස්තු පළමුවෙනිදා ගොඩ බහින යුක්රේන් සංචාරකයින් වෙනුවෙනුයි. පලමුවෙනිදායින් පසුව දිගටම යුක්රේන් සංචාරකයින් පැමිණීමට නියමිතයි. එන්නත ලබා නොගත් සංචාරකයින්ට ඔය නීති අදාළ නොවන බව රටේ ජනතාව දැනගන්න. විදේශගත ලාංකිකයින්ගෙන් කොවිඩ් බෝ වුණාට සංචාරකයින්ගෙන් කෝවිඩ් බෝ නොවන බව තමයි අපේ රටේ පාලකයින්ගේ මතයි. පර ජාතියක් ලෙස මාර ආඩම්බරයක් දැනෙනවා නේද...?