
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂ 18000 ක මුදලක් සොරාගත් මුදල් අයකැමි බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකේ සොරා ගත් මුදලින් රුපියල් පන්දහසක් පමණක් තිබූ බවත් පොලිසිය කියයි
සොරාගත් මුදල් සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම මුදල් මුදල්වලින් රුපියල් පන්ලක්ෂ 10,000 ක මුදලක් ණය පිය වූ බවත් ඉතිරි මුදල් කැට සහ බූරු ගසා වියදම් වූ බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකරුගේ මගපෙන්වීම් මත පුද්ගලයන් පස් දෙනෙක් සන්තකේ තිබු එලෙස ණය පියවන ලද මුදල් සොයා ගත් බව පොලිසිය කියයි
ඒ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් දෙදෙනකුගේ ද ණය මුදල් සැකකරු විසින් පියවා තිබූ බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය
පසුගිය එකළොස් වන දින සැකකරු විසින් මුදල් අයකැමිවරුන්ගේ සේප්පුවලින් සහ දෛනික ආදායම තැන්පත් කරන සේප්පුවේන් මුදල් සොරාගෙන බුලත්සිංහල පදිංචි නිවසින් ද පලාගොස් අතුරුදන්විය

COMMENTS
මෙතනදී සංවේදී පුවතක් තිබෙනවා. ඔහු සොරකමට පොලඹවන්නේ ණයක් නිසා. නමුත් ඔහු ණය වන්නේ කුමක් නිසා දැයි සඳහන් නැහැ. සූදුවට යොමු වීමත් සරල ජීවිතයකට යොමු නොවීම ත් ජීවිතය අඳුරට ඇද දමා ඇති බව පැහැදිලි යි. මෙය හොඳ පාඩමක්.
ඉහළ සිට පහළටම හොරකමට කප් ගැසූ අය සිටිනා රටක්... ඒත්, පොඩි එවුන්ව හැකි ඉක්මණින් අල්ලා දැඩි දඬුවම් දෙනවා. මහා පරිමාණ හොරුන් හා වංචාකාරයින් නිදුකින් නිදැල්ලේ. අපූරු නීතිය .. සැමට සාධාරණයි ..
ඕවට රැකියාවලට ගත්තේ දේශපාලන හිතවත්කමට... ඔවුන්ගේ ලොක්කන් කරන දේවල් නොකළොත් මේ අයගේ වැඩක් නෑනේ. ඔහොම යමු මලේ...
මොහු සාමාන්‍ය හොරෙකි. හොරකම පැහැදිලියි නම් දඩුවම නියතයි. නමුත් කෝටි ප්‍රකෝටි ගනන් හොරකම් කරන සුදු කරපටි හොරුන්ට කිසිම දඩුවමක් නැතිව යහතින් ඉන්නවා. මෙවැනි හොරුන් ගැන සමාජයේ කතාබස් කලත් දඩුවමක් නෑ.
මනුස්සයෙක් යම් වරදකට පෙළඹුණු හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් කළොත් ලංකාව තුළ ඒ මනුස්සයා එයාට ලැබුණේ හෝ කළේ ඇයිද යන්නට දඬුවම් දීලා සමාජයෙන් කොන්කරනවා. රැකියාව නැතිකරලා හිරේ ඉඳන් ආවාම සමාජයේදී හිනාවෙනවා. එතකොට ඒ මනුස්සයාට ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න නැවත කළයුතු වන්නේ කුමක්ද? සිතන්න.. අවු.76ක නිදහස සමරන්නේ මොනවා නම් දිනාගෙනද? ලංකාව ඉදිරියට ගියේ කිනම් අංශයකින්ද? මුතු ඇටයක් වූ මගේ රට ආකල්පමය වශයෙන් දියුණු වනතුරු හොරුන් රජකරයි.