(දයාසීලි ලියනගේ)
සිය ඉල්ලීම්වලට පෙබරවාරි 3 වැනි දිනට පෙර ප්‍රතිචාර නොලැබුණහොත් පෙබරවාරි 14 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ගුරු විදුහල්පති එකතුව තීරණය කර ඇත.
වැටුප් විෂමතා ඉවත් කිරීම, දේශපාලන පළිගැනීම් නතර කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 7ක් සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති ගලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කීහ.
මෙම ඉල්ලීම් ලබාදෙන ලෙස මේ වනවිට කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති බව කී උන්වහන්සේ, පෙබරවාරි 24 වැනිදා පැවැත්වෙන උද්ඝෝෂණයෙන් පසුවත් පැහැදිලි ප්‍රතිචාරයක් නොලැබුණහොත් පෙබරවාරි 26 වැනිදා සියලු ගුරු විදුහල්පතිවරුන් වැඩ වර්ජනයක නිරතවන බවද සඳහන් කළහ.
COMMENTS
රටේ අපි සියලුම දෙනා එකතුවෙන්න ඕනි වෙලාවක මේ වගේ දේවල් නොකර ඊට පස්සේ තියෙන ගැටළු වලට විසදුම් ලබාගත්තොත් හොදයි නේද ?
රජයේ සේවකයාට ඉතිහාසයේ දැවැන්තම වැටුපක් වැඩි කලේ යු එන් පී රජයෙන්. ඒත් රජයේ සේවකයෝ බහුතරය ඡන්දේ දුන්නේ මේ ආණ්ඩුවට.
කටවල් බැඳගෙන තමයි උද්ඝෝෂන කරන්න වෙන්නේ.
රට දියුණු කරන්න ඕනනම් හොඳින් හරි නරකින් වැඩ වර්ජන කියන වචන දෙක පරුෂ වචන දෙකක් බවට මහජන මතයක් ගොඩ නැගිය යුතුයි.
රජයේ සේවකයෝ රටට සම්පත්ක කියන්නේ දේශපාලකයෝ. එහෙම කියලා ඒ මිනිස්සුන්ව උස්සලා තියලා ඡන්දේ ගන්නවා. ඒත් පුද්ගලිකව මම හිතන්නේ රාජ්‍ය සේවය සුදු අලියෙක් කියලා. ආණ්ඩුවේ කාර්යාලයකට ගිහින් බලන්න වැඩක් කරගන්න පුලුවන්ද කියලා. අතිශයින්ම පසුගාමී අලස පිරිසක් ඉන්නේ. බෑ කියන්න බලාගෙන ඉන්නේ. මමනම් බොහොම කැමතියි ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ සහන කපලා දානවනම්.මොකද එයාලගේ ආණ්ඩුවනේ.