IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත දෙන්න අවධානය

(ඩයනා උදයංගනී)


ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර මෙහිදී ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඉටු කර ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් දා පැවසීය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා ඇති පාසල් නැවත ආරම්භ කරන විට දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා  රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ද ලබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.

 කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව කී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අනාගත දරු පරපුර මෙන්ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ආරක්ෂා කර ගැනීමට රජය සෑම විටම කටයුතු කරන බව සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂීත ක්‍රවේදයක් ඔස්සේ පාසලට කැදවාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් විය යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.


පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.


මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 හා 13 ශ්‍රේණිවල දරුවන්ට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන්, අධ්‍යනයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබාදීම වැදගත් බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත දෙන්න අවධානය

de silva Monday, 14 June 2021 04:10 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ආකාරයට ඉස්සෙල්ලා වයසක සහ රෝගී පුද්ගලයන්ට එන්නත ලබාදෙන්න. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. එහෙම නොකළොත් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපට ලැබෙන එන්නත් නොදී සිටීමට ඔවුන් කටයුතු කරාවි.

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 627 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site