(නිමන්ති රණසිංහ )
පැතිර යන කොරෝණා තත්වය හේතුවෙන් දිවයිනේ තවත් ප්‍රදේශ දෙකක් අද (08) උදෑසන 6 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මාතලේ පොලිස් බලප්‍රදේශයේ, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය හුදකලා කර තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තණ්කුඩි පොලිස් බලප්‍රදේශයේ, කාත්තන්කුඩි කොටස 4 164 කාත්තන්කුඩි කොටස 5 164එ, කාත්තන්කුඩි කොටස 5 දකුණ 164 බී, නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162 ඒ, කාත්තන්කුඩි කොටස 6 බටහිර 162 බී, මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල පොලිස් බලප්‍රදේශයේ, නිකගොල්ල ඊ 333 නිකගොල්ල උතුර ඊ333/ඒ හුදකලා ප්‍රදේශ වෙයි.
COMMENTS