(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඊයේ(24) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැනුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සදහන් කළේය.
ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය .
කොළඹට පැමිණෙන වාහන සීමා කිරීම ,රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවීම සීමාකිරීම ,රාජ්‍ය ආයතන වල සාකච්ඡා, සම්මන්ත්‍රණ හා රැස්වීම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ,පාසල් පැවැත්වෙන දින ගණන අඩු කර එක් දිනයක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම එසේ ඉදිරිපත් කරන ලද යෝජනා අතර විය .
COMMENTS
එතුමා ඉදිරිපත් කල ඇතැම් යෝජනා ප්‍රායෝගික නෑ. පුළුවන් නම් මුලින්ම තමන් ඇතුළු දේශපාලකයින් මෙයට පූර්වාදර්ශයක් සපයලා පෙන්වන්න. ඔබලාත් සමග පෙරහැරේ යන සියගනනක් වූ රථ පෙළ නවතා දැමුවොත් විශාල ප්‍රමාණයක් ඉන්ධන ඉතිරි වෙයි. මොකද මේ වාහන පෙට්‍රල් ලීටරයකට කි.මී. 3ක් 4ක් විතර තමයි ධාවනය කරන්න පුළුවන්. තමන් සියළු සැප විදින ගමන් අසරණ ජනතාවට විතරක් හැම විටම බර දෙන්න හදන්න එපා. නියම නායකත්වය යනු එය නොවේ.
ගම්මන්පිල ඉතා අසාර්ථක බව පෙනෙන්නට තියෙනවා. මෙතුමා කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා අයින් වුනා නම් තමයි දැන් හොද. මොකද ක්‍රිකට් කණ්ඩායමක වුනත් ක්‍රීඩකයෙක් දිගින් දිගටම අසාර්ථක වෙනවා නම් අයින් කරනවා නේ.
බලශක්ති අර්බුදය ට කවද්ද මෙයාලා විකල්පය ක්‍රියාත්මක කරන්නෙ. තියෙන එකම එහෙට මෙහෙට පෙරළ පෙරළ හිටියොත් අනාගතය මීට වඩා භයානකයි
ලංකාවෙම වාහන නතර වෙලා, කරුවලෙම ඉන්න දවස් ඉතාම ලගයි. අලුතෙන් කොරොනා ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ.
හරියට නටාගන්නට බැරි නැට්ටුවා නිතරම හිතන්නේ, පොළව ඇදයි කියලයි.මේ අයගේ කවදත් කටේ වාදම විතරයි. වැඩ බැහැ. ඒත්,තමන්ගේ නොහැකියාව රටට මෙච්චර හෙණ ගහලත්,පිළිගන්නේ නැහැ.මොනවට බෙහෙත් තිබුණත්,මෝඩකමට නම් බෙහෙත් නැහැ.
මේ ආණ්ඩුව ෆේල් .ලංකාව බංකොලොත් කරලා පස්ස බලන්නේ