
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, පාලනාධිකාරිය සමඟ පවතින ගැටළුවක් සම්බන්ධයෙන් අරඹා ඇති වර්ජනය අද(12) වනවිට තෙවන දිනටත් පැවති අතර එය නිමා නොවීමෙන් රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමට සිදුව තිබිණි.
මෙම රෝහලෙහි හෙද හෙදියන් 427 දෙනෙකු කටයුතු කරන අතර මේ අතුරින් සේවාමුර අනුව සේවයට වාර්තා කොට හදිසි ප්‍රතිකාර හැර සෙසු සියලුම කටයුතුවලින් ඔවුහු ඉවත්ව සිටිති.
මේ හේතුවෙන් රෝහලෙහි ශල්‍යාගාර 7හි හදිසි ශල්‍යකර්ම හැර දිනකට කෙරෙන 60 ක් 70 ක් පමණ ශල්‍යකර්ම නවතා දමමින් රෝගීන් ආපසු හරවා යැවීමට සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තවද දෛනිකව පැවැත්වෙන සායනික ප්‍රතිකාර කටයුතුද මුළුමණින්ම නැවතී තිබීමෙන් රෝගීන් අපහසුතාවයට පත්ව ඇත.
වර්ජනය විසදුමක් ලබාදීම පිණිස රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා සමග පැවති සාකච්ඡා සාර්ථකවී නොමැති අතර හෙට (13) බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සමග ගම්පහ රෝහලේදී හෙද හෙදියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය
COMMENTS
උද්දච්ච රොහල් පරිපාලනයට හෙද හෙදියන් පාඩමක් උගන්වයි.
රතු ඉර කැපීම් හා රාත්‍රී කාලයේ වෝර්ඩ් අරවුන්ඩ් යෑමට අකමැති වීම නිසා පටන් ගත් වර්ජනයක්...
සෑම් වෙත, වැඩ වර්ජන දොස්තරලා කළා නම් රෝගීන්ට කුණු බැනුම් බනිනවා. හැබැයි නර්ස්ලා කළානම් ඒක රෝහල් පාලනයට පාඩමක්, ඉගැන්වීමක්...