(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි තවත් අධි දැඩි සත්කාර ඒකකයක් සහ ඇදන් 50 කින් යුත් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් අලුතින් ස්ථාපිත කිරීම පිනිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතන බව රෝහල් පදනම පවසයි.
එම පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ මහතා සදහන් කර සිටියේ, දැනට පවතින කොවිඩ් ප්‍රතිකාර වාට්ටු හයට , දැඩි සත්කාර ඒකකය සහ අධි දැඩි සත්කාර ඒකකයට මෙන්ම ගැබිණි කොරෝනා රෝගී වාට්ටුවට අමතරව ඇදන් 50 කින් යුත් වාට්ටුවක් සහ ඇදන් 24 කින් යුත් අධි දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇති බැවින් රෝහල් පදනම මගින් මෙලෙස ආධාර පතන බවය.
වාට්ටු වැඩි කිරීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ, කොරෝනා රෝගීන් වැඩිවීම සලකා ප්‍රතිකාර පිනිස තවත් වාට්ටුවක් සහ අධි දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවය.
වාට්ටු සදහා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට ආධාර කිරීමට හැකිවේනම් මහත් පුණ්‍ය කර්මයක් බව සඳහන් කළ රෝහල් පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ මහතා, අලුතින් වාට්ටු දෙක ආරම්භ කිරීම පිනිස පහත සඳහන් වෛද්‍ය උපකරණ අවශ්‍ය බවත් මේ සදහා 0777777437 යන ජංගම දුරකථන අංකය අමතා අවශ්‍ය තොරතුරු විමසිය හැකි බවත් පැවසීය.
අවශ්‍යව පවතින වෛද්‍ය උපකරණ මෙසේය.
* එන් .ආර්.බී.එම්. මාස්ක් - 1000
* හයි ෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර - 14
* ඇස්ට්‍රල් 150 එන්.අයි.වී.වෙන්ටර්ලේටර් ( සී.ටී.ඒ.පී.) - 10
* දැඩි සත්කාර ඒකක මොනිටර් - 25
* දැඩි සත්කාර ඒකක ඇදන් - 25
* ඔක්සිජන් රෙගියුලේටර් - 70
* ඔක්සිජන් රෙගියුලේටර් හයි ෆ්ලෝ ( 70 - 90) - 5

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ඉවර කරන්න අදහසක් නැද්ද, වවාගෙන කන්න එපා.
ගම්පහ ආගමික ස්ථානවලින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. මෙය අවට පදිංචිව ඉන්නා මිනිස්සුන්ට කරදරයක් ..
අපේ ආච්චිගේ මැණික් නම් ඔක්කොම ඉවරයි, අරයගෙ ආච්චිගේ මැණික් නම් තාමත් තියෙනවා.