IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාමිණි සෙනරත් නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (12) අවසන් විය.

ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශවය විසින් ඔප්පු කර නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම ඉල්ලීම කිරීම සඳහා නඩුව ලබන 22 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කරන ලදී.

2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඒ අනුව ‘ලිට්‍රෝ ගෑස් සමාගම’ ‘කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම’ට එවු රුපියල් මිලියන 500ක මුදල ‘හෙලන්කෝ හෝටල් ඇන්ඩ් ස්පා පෞද්ගලික සමාගම’ට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම, රුපියල් මිලියන 48 ක මුදලකින් නුවරඑළිය සඳතැන්න ‘ලිට්ල් ඉන්ලන්ඞ් කොටේජ්’ ඉඩමින් ඉඩම් කොටස් දෙකක් මිලදී ගැනීම, රුපියල් 18,90,000/-ක මුදලක් යොදවා සිව්වැනි විත්තිකාර නීල් බණ්ඩාර හපුහින්න නමැත්තාගේ පදිංචියට මහල් නිවාසයක් බද්දට ගැනීම සහ රුපියල් 7,01,738/-ක මුදලක් ලංකා බැංකුවේ ණය කාඩ්පතේ වියදම් කිරීමට යෙදවීම ඇතුළු චෝදනා 24ක් යටතේ නීතීපතිවරයා විසින් බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.



අදහස් (0)

ගාමිණි සෙනරත් නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site