IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ගාමිණි සෙනරත්ට එරෙහි මුල්‍ය වංචා නඩුව කල් යයි



(මනෝප්‍රිය ගුණසේකර)


ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට අධික මුදලක් හම්බන්තොට හයර් ඉන්ටර්නැෂනල් හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින් රජයට රුපියල් කෝටි 50කට අධික අලාභයක් සිදු කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව  පවරා ඇති නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (15)  නියම කළේය. 


මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ ලේඛන බොහෝමයක් තමන්ට මෙතෙක් නොලැබීම නිසා ‍නඩුව පවත්වාගෙන යෑමෙන් විත්ති පාර්ශ්වයට අගතියක්  සිදුවන බවට අධිකරණයට දැනුම් දුනේය.


අනතුරුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල ඒ අවශ්‍ය ලේඛන මොනවාදැයි මෝසමක් මාර්ගයෙන්  අධිකරණ රෙජිස්ටාර්වරයාට ඉදිරිපත් කිරීමට නියම කළේය.


එම මෝසම සඳහන් ලේඛන අපරාධ කොට්ඨාසය මාර්ගයෙන් ලබාගැනීමට ක්‍රියාකරන බව දැනුම්දුන් විනිසුරු මඩුල්ල ඒ අනුව මෙම නඩුව ලබන 23 වැනිදා කැඳවීමට නියම කළේය.

 

 

 

 

 



අදහස් (4)

ගාමිණි සෙනරත්ට එරෙහි මුල්‍ය වංචා නඩුව කල් යයි

somapala Monday, 15 October 2018 08:02 AM

නඩු කල් දාන විදිය මේ උසාවියෙත් පටන් අරන් වගෙයි. ආණ්ඩුව මාරු වෙනකන් කරාවි.

:       157       126

sirimal Monday, 15 October 2018 08:02 AM

මේ හොටල් ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් වාර්තාවෙනවා නේද? මේකත් අර ලෙඩා මැරුණට මොකද බඩ හොඳට සුද්ධ වුණු ජාතියේ වැඩක් වගෙයි පෙනෙන්නේ...

:       2       0

Sanka Monday, 15 October 2018 10:11 AM

මහජනතාව මත අසීමිතව බදු පනවලා තවත් මේ විශේෂ අධිකරණ නඩත්තුවට කෝටි ගනන් මහජන වුදල් වියදම් කරලා මේ යන විදියට කිසිම ප්‍රතිපලයක් නැහැ.

:       0       157

Saman Monday, 15 October 2018 01:05 PM

රන්ජන් කියපු දේ තමයි නියම ඇත්ත... මේ නඩු කල් දාන්න ලෝයර්ලා හේතු හොයාගන්නවා. ලඟදී එකක් කල් ගියේ අගවිනිසුරුගේ පාටියට යන්න තියෙනවා කියලා...

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site