IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගැබිණි ප්‍රා.මන්ත්‍රිණියට පහරදුන් ප්‍රා.මන්ත්‍රිණියට ඇප

(නිමන්ති රණසිංහ)

මහරගම නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍ර රසිකා ගුණසිංහ මහත්මියට බැන තර්ජනය කර පහරදුන්නැයි එම සභාවේ සමගි ජන බලවේගයේ මන්තී‍්‍රනි ඉනෝජා මුණසිංහ මහත්මිය රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව සැකකාර මන්තී‍්‍රවරිය මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.

මහරගම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයකුව සිටි කරෝලිස් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා එම දේහය ඉකුත් 15 වැනිදා නගර සභාවේ ශ‍්‍රවනාගාරයේ තැන්පත් කර තිබූ අවස්ථාවේදී එයට ගෞරව දැක්වීමට පැමිණ සිටි මෙම සැකකාර මන්ති‍්‍රවරිය, සිද්ධියේ පැමිණීලිකාර මන්තී‍්‍රවරියට බැන තර්ජනයකර පහරදී ඇතැයි මහරගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ නාගරික මන්තී‍්‍රවරිය ගැබිනියක් වන බවත් සිද්ධියෙන් පසු ඇය තවමත් ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් මහරගම පොලිසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කළේය.

 



අදහස් (1)

ගැබිණි ප්‍රා.මන්ත්‍රිණියට පහරදුන් ප්‍රා.මන්ත්‍රිණියට ඇප

Bamunuarachchi Monday, 19 April 2021 11:32 AM

ගොබ්බයින් දේශපාලනයට ආවාම මෙහෙම වෙන එක පුදුම නැහැ.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site