(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර අද (26) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනාත් එම සාකච්ඡාවට සහභාගි වී ඇතැයිද පැවසේ.
ජනාධිපතිවරණයේදී බලපාන නීතිරිති ප්‍රචාරණ කටයුතු හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා කෙරුණු බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සාකච්ඡාව අද පස්වරු 2.00 ට පමණ ආරම්භ වී පැය භාගයකට අධික කාලයක් තිස්සේ පවත්වා ඇත.
COMMENTS
මැතිවරණ නීතිරීති ටික වත් දන්නේ නැතුවද ඔය ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලන්න දඟලන්නේ ? මුලින්ම අහල බලන්න ඇමෙරිකානු පුරවැසියෙකුට නාම යෝජනා දෙන්න අවසර තියෙනවද කියල. දිනුවට පස්සේ "සුටුස්" ගාල එක අයින් කරන්න පුළුවන් කියන එක වෙනම කතාවක්.
ගෝඨගෙ මැතිවරණ ප්‍රචාරනයෙ ඉඳන්ම අපි ඉස්සර දැක්ක පිළිවෙල දකින්න තියනවා... ඔහොම යමු. ජය නියතයි !!
මැතිවරණ කොමිසම ගෝඨාභය මහත්තයා එක්ක ගෝනි සෙල්ලම් නොදායි කියා අපි සිතනවා. එහෙම හිතන එක නිවැරදියිනෙ
ෂේප් කරගන්න යන්න ඇත්තේ...
එතුමා කියන දේ හොඳින් අසාගෙන ඉන්න ඇති.
ගෝඨා - මැතිවරණ කොමිසන් සභාව අතර පැය බාගයකින් විසදන්න පුළුවන් ප්‍රශ්න තිබ්බා කියන එක නම් ලෝකයම හිනස්සන සාකච්ඡාවක් වෙන්න පුළුවන් !!! ශ්‍රී ලංකාව තුලත්, එයාගේ ද්විත්ව පුරවැසි භාවය තිබෙනවා කියන ඇමරිකාව තුලත් ගෝඨාට විරුද්ධව කප්පරක් නඩු තිබෙනවාලු. ඒ අතරේ ජාතික හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත් වැනි දරුණු චෝදනා වලට මුහුණපා සිටින මේ පුද්ගලයාට ඒ සියල්ල පැය භාගයකින් "දොට්ට දමන්න" පුළුවන් උනා නම් මෙයා තමා අපේ රටේ මීලග ජනාධිපති හැටියට නිතරගෙන් පත්විය යුතු වන්නේ කියා එයා රටටම පමණක් නොව ලොවටම හඩගා කියා තිබෙනවා වගෙයි !
ශ්‍රී ලංකාව තුලත්, එයාගේ ද්විත්ව පුරවැසි භාවය තිබෙනවා කියන ඇමරිකාව තුලත් ගෝඨාට විරුද්ධව කප්පරක් නඩු තිබෙනවාලු අනුන් කියන දේවල් අහල දොස් කියන්න එපා හරියට දැනගෙන කියන්න.
මැකෝ මට චන්දෙ ඉල්ලන්න පුලුවන්ද මැකෝ.
ඔය අහන්න ගියේ පුරවැසිකව අයින් වුනා කියලා පෙන්නන්න සාදකයක් නැති වීම, නාම යෝජනා ප්‍රතික්ෂේප වෙන්න හේතු වෙයිද කියලා.