(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා කොළඹ දී පැවැසීය.
නව ණය ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරන බව නව ණය ගෙවීම සඳහා මාස 18ක පමා ණය සහන කාලයක් ලබාදෙන බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.
“මූල්‍ය තිරසර බව; ආර්ථික සංවර්ධනය” යන තේමාව යටතේ ‘වී ශ්‍රී ලංකා’ කණ්ඩායම සංවිධානය කර තිබූ සංවාදයකට එක්වෙමින් අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය. කොළඹ රාමඩා හෝටලයේදී ඉකුත් දා (25) පස්වරුවේ මෙම සංවාදය පැවැත්විණි.
එහිදි අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ ද කීය.
“අපි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා. අපි එහි වෙනස්කම් කරනවා. ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වූ එහෙත් ආර්ථිකය තුළ දැනට ඇති වී තිබෙන පහළ වැටීමේ තත්ත්වය නිසා ණය ගෙවීමට අපහසු පිරිස්වලට ආරක්ෂාවක් දෙන්න පුළුවන්. මෙය වරදවා වටහා ගන්නා එපා, අපි ණය කපා හරින්නේ නැහැ.
ණයගත් පිරිස ණය ගෙවිය යුතුයි. එහෙත් අද ආර්ථිකය වඩා වැටිලා. ණය ගත්තු පිරිස්වලට ණය ගෙවාගන්න හැකියාවක් නැහැ. මොකද ආදායමක් නැහැ.
අපි මේ ප්‍රතිසංස්කරණය හරහා මාස 18ක සහන කාලයක් ලබා දෙනවා. අපි මාස 18ක කාලයකට ණය මුදල් අත්හිටුවනවා. ඒ කාලයේදී ගෙවිය යුත්තේ පොළිය විතරයි. ඔබට ණය ගන්න අවස්ථාවකුත් ලබාදෙනවා. එවිට බැංකු අමාරුවේ වැටෙන්නෙත් නැහැ. ඔබ අමාරුවේ වැටෙන්නෙත් නැහැ. ඒ වගේම යම් මුදලක් ප්‍රාග්ධනයක් ඔබ අතේ ඉතිරි වෙනවා” යැයි ද හෙතෙම කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ ඉන්සාෆ් මොහිදීන් යන මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.
2025 නොවැම්බර් මස 04
243
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝඨාභය ජනපති වූ පසු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ප්‍රතිසංස්කරණ කරනවා