IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් තියෙනවා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව බලය ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපති නීතීඥවරයා මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ ගෝඨභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් පසු මෙම ප‍්‍රතිශෝධන පෙත්සම මේ මස 14 වැනිදා යළි සලකා බැලීමට කැඳවන ලෙසද නියෝග කෙරිණි.

එදිනට අධිකරණයෙන් ඉදිරිපත් කළ කරුණු දෙකක් පිළිබඳ ලිඛිත දේශන ගොනු කරන ලෙසද නියෝග කෙරිණි.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය අනුව ස්ථිර ත‍්‍රීපුද්ගල මහාධිකරණය මුල් අවස්ථා අධිකරණයක් ද ’’ සහ ‘‘ රත්වත්තේට එරෙහි නීතිපති නඩුව මෙම නඩුවට අනුකූල වන්නේ කෙසේද ’’  යන ප‍්‍රශ්න දෙක අධිකරණයෙන් දෙපාර්ශ්වයේ නීතීඥවරුන්ට ඉදිරිපත් කර ඒ පිළිබඳ ලිඛිත දේශන ගොනු කරන ලෙසද නියෝග කෙරිණි.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ  මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරා පෙන්වා දේ.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.

මෙම  පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක්  විශේෂ ස්ථිර  ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (10)

ගෝඨාභයගේ පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් තියෙනවා

sirimal Monday, 10 June 2019 02:06 PM

අන්තෝ ජටා බහිජටා... මේ යන ක්‍රමයට අනුව නම් ඔය නඩුව ඇහෙනකොට පැමිණිලිකාරයොයි, විත්ති කාරයොයි කිසිකෙනෙක් ජීවතුන් අතර ඉන්න එකක් නැහැ...

:       1       514

සේන Monday, 10 June 2019 03:08 PM

ඉඩම් නඩුවක් වගේ. මේක අදිනවා ඊළඟ ඡන්දෙ දක්වාම... ලංකාවේ පිරිහුණේ නැති ක්ෂේත්‍රයක් නෑ.

:       1       395

Hafeel Monday, 10 June 2019 03:16 PM

මේක තමයි යහපාලන ආණ්ඩුවේ හොරා පොලිස් සෙල්ලම. 2015 ජනාධිපතිවරණ සමයේ අහපු සද්ද බද්ද අනුව, මම හිතුවේ 2015 පෙබරවාරි වෙනකොට දඬුවමුත් දීලා හිරෙත් ගිහිල්ලා ඇති කියල.. ඒ දවස්වල රාජිත, රන්ජන්, හරින්, චම්පික, මුජිබුර් රහමන්, මෛත්‍රීලගේ කටින් පිටවුණු කාලතුවක්කු හඬ නං මරු...

:       417       791

vernonMonday, 10 June 2019 03:52 PM

එතකොට සහරාන්ගේ හොරා පොලිස් සෙල්ලම කොහොමද? වෙළෙඳාමට කියලා ලංකාවට ඇවිත් වෙනම බැංකු, වෙනම කෑම, වෙනම නීති, වෙනම අධිකරණ, වෙනම ඉස්කෝල හදාගෙන කොහොමද දාන්න ගිය සෙල්ලම?

:       128       239

Kumar Monday, 10 June 2019 04:44 PM

නඩු කල්දමදමා ඉන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව එන තෙක්ද? කෝකටත් කියල ඊළඟ ඇපෑල දැනටමත් සූදානම් කරනවා ඇති...

:       419       367

Rata Perata Monday, 10 June 2019 08:05 PM

අපේ සල්ලිවලින් සොහොන් හදලා දැන් බේරෙන්න දඟලන දැඟලිල්ල.

:       3       12

dilan Tuesday, 11 June 2019 02:34 AM

රටේ මෙච්චර හොරකම් වෙද්දී, වෙලා තියෙද්දී, අර අර්ජුන් මහේන්ද්‍රන් අනුදැනුම මත (ජනාධිපති කොමිසමේ වාර්තා අනුව) මහා බැංකුව සුද්ධ කරලා රටම හිගමනට අදාල දාද්දි නොතිබ්බ නඩු මොකද මේ දැන් හද්දීසියේම?? ඡන්දයක් අත ලගම එනවා වගේ නේ?

:       348       326

Amila Tuesday, 11 June 2019 02:36 AM

මිනිස්සු නීතිය අතට ගැනීම වැඩි ඈතක නොවේ. මෙයාට බලේ නැතුවත් මහ ලොකු, උගත් කෝට් කාරයෝත් පණ බයයිනේ..

:       166       210

Saman Tuesday, 11 June 2019 02:45 AM

පුදුම බයගුල්ලෙක්නේ.. පුළුවන් නම් අර ඇමෙරිකාවේ නඩුවටත් ගිහින් කියන්නකෝ බලන්න... ඒ උසාවියට ඒක අහන්න බලයක් නැහැ කියලා...

:       120       195

Chanak los angeles Tuesday, 11 June 2019 06:26 AM

ජම්පරයට මාර බයක්නේ තිබෙන්නේ . ආ ඒක වෙන්න ඇති මෙයාට ගෝටා භය කියන්නේ

:       42       18

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 57 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 285 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 687 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 112 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 156 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 161 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 29 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site