( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් තුන් කෝටි තිස්නම ලක්ෂයක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න පිලිබඳව ලබන ජූලි 28 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනා පෙත්සම්කාර පාර්ශවයට අද දැනුම් දුන්නේය.
එම පෙත්සම එල්. ටී.බී.දෙහිදෙනිය, එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම කරන ලදී.
පලමු ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ අධිචෝදනා පත්‍රයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නම ඉවත් කර ගැනීමට නීතිපතිවරයා මීට පෙර තීරණය කලේය.
ඒ අනුව එම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කළ බැවින් මෙම අභියාචනා පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුගේ නීතීඥවරයාගෙන් විමසා සිටියේය.
ඒ පිළිබඳව සියසේවාදායක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගෙන දැනුම් දෙන බව නීතිඥවරයා දන්වා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
96
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෝඨාගේ