(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හැකි වී තිබේ.
කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30) අළුයම් කාලයේ දඹුල්ල පොලිසියට බාරදුන් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති.
දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කාලයක් තිස්සේ අභයභූමිය දෙකෙහි සිටින කුලු මි හරක් හා නිදැල්ලේ සිටින ගවයන් පුද්ගලයන් යොදවා මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. ඩබ්ලිව්. වී .එස් .හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත විශේෂ කණ්ඩායමක් පස්වරුවේ සිට දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ සිට මධ්‍යම රාත්‍රී වනවීට මෙම කුළු මීහරක් ටැක්ටර් රථයකින් මස් කඩේට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ කැලේ සිටින කුළු මීහරක් වානේ කම්බි වලින් මධු ගසා අල්ලා දින ගණනාවක් නිරාහාරව බැඳතබා අඩපණ වූ පසු රාත්‍රී කාලයේ ව්‍යාපාරිකයාගේ නිකවටවන පිහිටි මස් කඩයට රැගෙන එන බවයි.
පසුව එම ස්ථානයෙන් ගවයන් ඝාතනය කොට මාතලේ සහ මහනුවර ප්‍රදේශවලින් එන වෑන් රථයකට සහ ශීතකරණ සහිත ලොරි රථයකට ඒවා පටවන බව ද හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුස්ලිම් ජාතිකයන් තිදෙනකු සහ සිංහල ජාතිකයන් දෙදෙනෙකුද වන බව පොලීසිය කියයි. ඔවුන් නිකවටවන හා වෑවල වැව පදිංචිකරුවෝ වෙති.
මෙසේ දිවිබේරාගත් කුළු මීහරක් අතර පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතෙකු වන අතර ගැහැණු සතා පැටවකු බිහි කිරීම සඳහා සූදානමින් සිටි බවද කියයි.
මෙම හරකුන්ගේ අග ප්‍රදේශය සහ බෙල්ල ප්‍රදේශ වානෙ කම්බි වලින් කැපී ගොස් දැඩි ලෙස තුවාල වී පණුවන් පවා සිටි බව පොලිසිය කියයි.
දැඩි සත්ව හිංසාව යටතේ මෙම කුළු මීහරක් නිරාහාරව දින ගණනාවක් තිස්සේ මෙයාකාරයෙන් ගැටගසා අඩපණ කොට තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.



2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට
asiri Thursday, 30 January 2020 04:01 AM
පොලිස් ස්ථානාධිපතිතුමෝ, මේ පස් දෙනාටත් කන්න බොන්න නොදී දවස් පහක් බැඳලා තියන්න පින් සිදුවෙයි ඔබතුමාට... මේ වගේ පාපතර මිනිස්සු යවන්න ඕනේ නරකාදියට.
හංසිකා කුමාරි ජයවර්ධන Thursday, 30 January 2020 06:31 AM
මෙම නරුමයින්ට උපරිම දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ ව්‍යාපාරයේ නායකයන් සොයා ඔවුන්ටද දඬුවම් කළ යුතුයි. කලක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන මෙවැනි සත්ව ඝාතන මුලිනුපුටා දැමීමට රජය මැදිහත් විය යුතුයි. එසේ නොකලොත් බුදුදහමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රමුඛතාව නමට පමණක් සීමා වනු ඇත.