IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා  අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ හැකි වී තිබේ.
 
කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර්  රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30) අළුයම් කාලයේ දඹුල්ල පොලිසියට බාරදුන් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති.
 
 දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කාලයක් තිස්සේ අභයභූමිය දෙකෙහි සිටින කුලු මි හරක් හා නිදැල්ලේ සිටින ගවයන් පුද්ගලයන් යොදවා මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. ඩබ්ලිව්. වී .එස් .හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත විශේෂ කණ්ඩායමක් පස්වරුවේ සිට දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ සිට මධ්‍යම  රාත්‍රී වනවීට  මෙම කුළු මීහරක් ටැක්ටර් රථයකින් මස් කඩේට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ කැලේ සිටින කුළු මීහරක් වානේ කම්බි වලින් මධු ගසා අල්ලා දින ගණනාවක් නිරාහාරව බැඳතබා අඩපණ වූ පසු රාත්‍රී කාලයේ ව්‍යාපාරිකයාගේ නිකවටවන  පිහිටි මස් කඩයට රැගෙන එන බවයි.
 
පසුව එම ස්ථානයෙන් ගවයන් ඝාතනය කොට මාතලේ සහ මහනුවර ප්‍රදේශවලින් එන වෑන් රථයකට සහ ශීතකරණ සහිත ලොරි රථයකට ඒවා පටවන බව ද හෙළිවී තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුස්ලිම් ජාතිකයන් තිදෙනකු සහ සිංහල ජාතිකයන් දෙදෙනෙකුද වන බව පොලීසිය කියයි. ඔවුන් නිකවටවන හා වෑවල වැව පදිංචිකරුවෝ වෙති.
මෙසේ දිවිබේරාගත් කුළු මීහරක් අතර පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතෙකු වන අතර ගැහැණු සතා පැටවකු බිහි කිරීම සඳහා සූදානමින් සිටි බවද කියයි.
 
මෙම හරකුන්ගේ අග ප්‍රදේශය සහ බෙල්ල ප්‍රදේශ වානෙ කම්බි වලින් කැපී ගොස් දැඩි ලෙස තුවාල වී පණුවන් පවා සිටි බව පොලිසිය කියයි.
 
දැඩි සත්ව හිංසාව යටතේ මෙම කුළු මීහරක් නිරාහාරව දින ගණනාවක් තිස්සේ මෙයාකාරයෙන් ගැටගසා අඩපණ කොට තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
 



අදහස් (2)

කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට

asiri Thursday, 30 January 2020 04:01 AM

පොලිස් ස්ථානාධිපතිතුමෝ, මේ පස් දෙනාටත් කන්න බොන්න නොදී දවස් පහක් බැඳලා තියන්න පින් සිදුවෙයි ඔබතුමාට... මේ වගේ පාපතර මිනිස්සු යවන්න ඕනේ නරකාදියට.

:       0       214

හංසිකා කුමාරි ජයවර්ධන Thursday, 30 January 2020 06:31 AM

මෙම නරුමයින්ට උපරිම දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ ව්‍යාපාරයේ නායකයන් සොයා ඔවුන්ටද දඬුවම් කළ යුතුයි. කලක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන මෙවැනි සත්ව ඝාතන මුලිනුපුටා දැමීමට රජය මැදිහත් විය යුතුයි. එසේ නොකලොත් බුදුදහමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රමුඛතාව නමට පමණක් සීමා වනු ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 398 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site