(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රුපියල් මිලියන 135කට බලපත්‍ර ලබාදුන් කළු ගඟේ හැරණියාවක මැණික් නිධියේ පතල් කැණීම වහාම නවත්වා, එම පතල් පවත්වාගෙනයන ක්‍රමවේදයේ විනිවිදභාවය ගැන පරීක්ෂණයක් සිදුකිරීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ. විෂය භාර රාජ්‍ය ඇමතිවරයාට ඒ ගැන දැනුම් දීමටද තීරණය කමිටුව තීරණය කර ඇත.
ප්‍රධාන ගංගාවක මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබාදීමෙන් ලංකාවේ වැඩිම ආදායම ලබාගෙන ඇත්තේ මෙම මැණික් පතල් කැණීම් බලපත්‍රයෙනි.
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදි කළු ගඟේ හැරණියාවක මැණික් කැණීමට බලපත්‍ර ලබාදී ඇති ආකාරය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ දැඩි විරෝධයක් සහ විවේචනයක් එල්ල විය.
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා එහිදී පැවසුවේ විනිවිදභාවයකින් තොරව, මැණික් හා ස්වර්ණවාරණ අධිකාරියේ සභාපති සහ නිලධාරින්ට අවශ්‍ය ලෙස, හැරණියාවක රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් නිධිය ගොඩගැනීමට ක්‍රමවේද සකස් කර ඇති බවයි. මේ නිසා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්ව ඇතැයි ද මැණික් කර්මාන්තය භාර රාජ්‍ය ඇමතිවරයා මෙයට සම්බන්ධ බව ප්‍රදේශයේ ජනතාව අතර වැරැදි මතයක් නිර්මාණය වී ඇතැයි ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා පැවසීය. ගමේ ජනතාවගේ බහුතරයක් මේ ආකාරයෙන් මැණික් පතල් කැණීමට විරෝධය පළ කර ඇතැයි ද එල්ලාවල මහතා පැවසීය. ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ගාමිණී වලේබොඩ, වරුණ ලියනගේ යන මහත්වරු ද මෙහිදී මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍ර ලබාදි ආකාරයට විරෝධය පළ කළහ.
ඔවුන් පැවසුවේ සාධාරණ ලෙස ප්‍රදේශයේ ජනතාව දායක කරගෙන මෙම මැණික් කැණීම සිදු කළයුතු බවය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීයා මෙසේ පැවසීය.
“මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බලපත්‍ර ලබාදීමෙන් ලද වැඩිම ආදායම වන රුපියල් මිලියන 135 ක් මෙමගින් ලබාගෙන තිබෙනවා. කළු ගඟේ හැරණියාවක මැණික් කැණීමෙන් ලැබෙන ආදායෙමෙන් 25% ක් ප්‍රදේශයේ සමෘද්ධි සමිති 6ක අඩු ආදායම්ලාභින් පතල්කරුවන් හවුල් කරගෙන ලබා දෙනවා. තවත් 25% ක් බලපත්‍ර ලබාගත් සමාගමට ලැබෙනවා. ඉතිරි 50% ක ආදායම් රජයට ලැබෙන ලෙස මෙහි ක්‍රමවේදය සකස් කර තිබෙනවා”
2025 දෙසැම්බර් මස 04
536
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළු ගඟේ මැණික් නිධිය ගොඩගැනීම නවත්වයි
වීරවිජේ Wednesday, 17 February 2021 11:28 AM
එතකොට සමෘධි හම්බෙන අය යන්නේ බෙන්ස් වලද?
සෙනෙවිරත්න Wednesday, 17 February 2021 01:43 PM
පිස්සුද ඒ අයට හැමදාමත් සමෘද්ධි...