IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයෝ පත් කෙරෙති

(ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා)

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් අද (31) පත්කරනු ලැබූහ.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතිත්වය දරන එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරුන්ය.

එම සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද අද (31) සිදු කෙරිණ .

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉකුත්(20)වැනිදා සම්මත විය.එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59 ක් පමණි.

(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා)

(ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා)

(මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා)

(මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා)

(ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා)

(මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා)



අදහස් (22)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයෝ පත් කෙරෙති

nirosh Monday, 31 May 2021 12:42 PM

අලි බබා සහ හොරු 40...

:       21       69

kapila Monday, 31 May 2021 12:47 PM

බොහෝ දෙනෙක් හිතුවා බැසිල් රාජපක්‍ෂ මේකේ සභාපති වෙයි කියලා... දේශපාලකයින් මේකට පත් නොකිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. ව්‍යාපාරිකයින්ද, වෘත්තිකයින්ද මෙහි සිටිය යුතුයි. ලේකම්වරු ඉන්න එක තමයි අවුල...

:       41       32

PereraMonday, 31 May 2021 06:33 PM

මිනිස්සුන්ව රවට්ටන තවත් ඇස් බැන්දුමක් වෙන්න පුළුවන්. දැනට ඔහොමයි. පසුවට බලමු වැඩේ කොහොමද කියලා. ආණ්ඩුව කරන කිසිදෙයක් මම විශ්වාස කරන්නේ නැහැ..

:       0       4

නිහාල් Monday, 31 May 2021 12:58 PM

5 දෙනෙක් මූල්‍ය වංචාවලට, අල්ලස් වලට, කොමිස්වලට චෝදනා ඇති ලෝක හොරු...

:       18       82

SankaMonday, 31 May 2021 02:41 PM

ඉතින් මේ නඩු තියෙන හොරු පත්කරලා කොහොමද පොර්ට් සිටි එකෙන් රට ගොඩ ගන්නේ. පටන් ගත්ත තැනම හබක්නේ. මේකට ප්‍රභූ උගත් පිරිසක් දාලා වහාම වැරදීම නිවැරැදි කරන්න. අපේ 69 ලක්ෂයේ පැතුම එයයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 01:02 PM

මෙහි සිටින්නේ අපේ අය නේද? ඒ නිසා ප්‍රශ්න ඇතිවේවිද? චීනාට හා ඔවුන්ගේ බලය හමුවේ මේ අය අපේ රටට වාසිදායක නිසි තීන්දු තීරණ ගනීවිද? ප්‍රශ්න රැසකි... ගැටළු වැලකි...

:       14       30

[email protected] Monday, 31 May 2021 01:23 PM

ජෙරාඩ් ඔන්ඩච්චි කියලා විදේශිකයෙක් පත්කරලා නේද? සහෝදරවරු බොරු කියන්නේ නෑ කියන්නේ මේකයි...

:       44       17

විකාශ්Tuesday, 01 June 2021 12:12 AM

ජෙරාඩ් ඔන්ඩච්චි ශ්‍රී ලාංකිකයෙක්. ලංකාවේ ඔන්ඩච්චිලා වැදගත් පරම්පරාවක්. ඔහු බ(ර්)ග(ර්). දැනට කැනඩාවේ පදිංචි නවකතා ලේඛනය මගින් ලංකාවට කීර්තිය ගෙනා මයිකල් ඔන්ඩච්චි ජෙරාඩ් ගේ නෑයෙක්...

:       2       3

Gamini Monday, 31 May 2021 01:23 PM

කට්ටියක් අර චීනෙන් කාවද පත් කරන්න යනවා කිව්වා නේද? මේකෙ එහෙම එකක් නෑනේ...

:       28       30

Anura Monday, 31 May 2021 01:24 PM

නැව ගිනිතියලා තියෙන්නේ වරාය කොමිසමට චීන්නු පත්කරපු එක නොපෙනෙන්න...

:       27       28

asanka Monday, 31 May 2021 01:54 PM

වරාය නගරයේ පරමාර්ථය රටට විදේශීය ආයෝජන ආකර්ශනය කිරීමයි. එබැවින් එවැනි ස්ථානයක කොමිෂන් සභාවට පත් කළ යුත්තේ හොඳ විදේශ සබඳතා ඇති අයයි. ඔවුන් දේශිකයින්ද? විදේශිකයින්ද? යන්න අදාළ විය යුතු නැත...

:       16       26

fairoos Monday, 31 May 2021 01:57 PM

කට්ටියම පවුල් සමාගමට අයත් අයනේ... එහෙනම් කමිෂන් එක හරියටම හම්බවේවි...

:       20       53

janahitha Monday, 31 May 2021 02:24 PM

ප්‍රියත් බන්දු මොරටුව හෝ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු උපාධි ධාරියෙක්... අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් ව්‍යාපාරික ලෝකයේ 100% ක් අවංක අය නැහැ. ඔතැනට රවී කරුණානායකත් දැම්මා නම් එජාපයේ අය කතාවක් නැහැ. ඉතා ප්‍රාෙයා්ගික පත්කිරීමක්.. නමුත් ඇමැති මණ්ඩලේ නම් තනිකරම කුරුළු පොහොට්ටු පත් කිරීමක්..

:       7       3

chinthakaTuesday, 01 June 2021 08:46 AM

ප්‍රියත්බන්දු තමයි නැව් නොඑන හම්බන්තොට වරාය හදද්දී ගහපු කොමිස් පිටුපස ඉන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මිනිහා අද සිටිය යුත්තේ කූඩුවේ.

:       0       8

GalaparaTuesday, 01 June 2021 12:09 PM

මේ පොර්ට් සිටිය ලංකාවේ හැරවුම් ලක්ෂයක් කියලා නේද ආණ්ඩුව කිව්වේ...? මේ දාලා තියෙන කොමෙන්ට් බැලුවාම පත්වෙලා ඉන්න නිලධාරින් ඔක්කොම හොරුනේ. බලධාරින් මේ සෙල්ලම් කරන්නේ අපේ අනාගත දරු පරපුරට තියෙන රටක් එක්ක නේද? අපේ රට කොහෙන් කවදා ගොඩ එයිද?

:       0       4

saali Monday, 31 May 2021 02:56 PM

මාරපනලා මාරම මාරයි. එක් කෙනෙක් සභාපති... අනිකා යහපාලනයේ ඇමැති...

:       0       3

මෝ Monday, 31 May 2021 03:37 PM

බඩුම තමයි...!!! 

:       0       2

Thilina Monday, 31 May 2021 04:34 PM

මේ නම් මෙහෙම තිබ්බට මෙයාලගේ ඇත්ත නම් ඔක්කොම චීන නම්.. අපිට රහසිගත තොරතුරු ලැබිලා තියෙනවා.. රාජපක්ෂලා එකතු වෙලා මොවුන්ගේ උප්පැන්නවල නම් වෙනස් කලා කියලා...

:       0       3

L.G.P.Jathunarachchi Tuesday, 01 June 2021 02:00 AM

අලි බබා සහ හොරු 40!!! 

:       1       21

Dewa Tuesday, 01 June 2021 02:18 AM

අපේ රටේ විකුණන් කරන්න දේවල් තියෙනවද?

:       0       6

විජිත් Tuesday, 01 June 2021 09:51 AM

ඇයි නැත්තේ දේවා..., මේ බලන්න, මෝඩකම...? හොරකම..? උද්දච්චකම...? මිනීමරු කම...? හිඟාකෑම...? මේ ඔක්කොම අපේ රටේ ඉන්න නස්කුනි අසමජ්ජාති පාලකයින් කියන හිඟන්නන් තුළ ඕනෑවටත් වඩා තියෙනවා. වැඩිපුර තියෙන හරිය අපනයනය කරන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ...

:       0       9

nimelen Tuesday, 01 June 2021 03:03 AM

අනිත් අය ගැන නම් දන්නේ නෑ. කෙනෙක් ජල සම්පාදනේ ලේකම්... ඌව වරාය නගරෙත් කොමිසමට දාලා... මම අහන්නේ මේ අය කොහොමද රස්සාවල් දෙකක් එක පාර කරන්නේ? අපේ ලංකාවේ කට්ටිය එච්චරම දක්ෂයිද? වැඩ දෙකම කෙසේ වෙතත් කිසි වැඩක් කරන්නේ නෑ කියන එක ඔප්පුයි. හොරා කන්න නම් ඕනෑතරන් රස්සාවල් කරන්න පුලුවන්නේ.. හොරා කන්න හොඳම කට්ටිය මෙතනට සෙට් කරලාද? මදැයි ආණ්ඩුවක් පත්කර ගත්තා..

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 635 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


නැගෙනහිර පාසල් හෙට වැසෙයි
2025 ජනවාරි මස 19 155 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.


හුළුගඟේ ගිය ජිප් රියේ සිටි දෙකක් මරුට:අයෙක් අතුරුදන්
2025 ජනවාරි මස 19 1883 0

පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.


උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති
2025 ජනවාරි මස 19 463 0

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම


මාළු ටැංකියට වැටී බිළිදා මරුට
2025 ජනවාරි මස 19 573 0

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි


පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
2025 ජනවාරි මස 19 567 0

කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 369 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 598 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site