IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කොළඹ වරායේ අධි ආරක්ෂිත කලාපයේ ධීවර කටයුතුවල යෙදුණු 13 ක් දැලේ

(ඉන්දිකා රාමනායක)
 
කොළඹ වරායට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර කරමින් අධි ආරක්ෂිත කලාපයේ නීති විරෝධී ලෙස  ධීවර කටයුතුවල නිරත  ධීවරයින් 13දෙනෙකු යාත‍්‍රා තුනක් සමග  අද(07)  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 
 
මෙම ප‍්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කර තිබියදී නෞකා සඳහා සංඥා  ලබාදෙන  බෝයාවල  පවා දැල් ගැට ගසමින් ධීවරයින් ධීවර කටයුතුවල නිරත වන බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
 
 නාවික හමුදාව  කොතෙක්  එම ප‍්‍රදේශයේ ධීවරයින් දැනුවත් කර ඔවුන් ඉවත් කිරීමට පියවර ගත්ත ද ධීවරයින් නැවත පැමිණ එම ප‍්‍රදේශයේ  ධීවර කටයුතුවල නිරත වන බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
 
මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය දැනුවත් කර පොලිසිය හා නාවික හමුදාව යාත‍්‍රාවකින් නාවික එම ප‍්‍රදේශයේ  සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ලූතිනන් කමාන්ඩර්  ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
 
මෙම මුහුදු  මාර්ග අවහිර කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් ජාත්‍යන්තර නෞකා  ගමනාගමනයට බාධා වන බවත්    එසේම ධීවරයින්  නෞකාවල ගැටී  අනතුරට පත්වීමේ අවදානම  වැඩි  බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා  ස`දහන් කළේය.
 
 ජාත්‍යන්තර නෞකාවලට බාධා වන අයුරින්  එම මුහුදු මාර්ග අවහිර කරමින් ධීවර කටයුතු වල නිරත වීම  මෙරටට ජාත්‍යන්තර වශයෙන් බලපාන ගැටලුවක් බවත් එසේ නොකර  ධීවරයින්ට අයත් සීමාවල සිට පමණක්  ධීවර කටයුතුවල නිරත වන ලෙසට නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

කොළඹ වරායේ අධි ආරක්ෂිත කලාපයේ ධීවර කටයුතුවල යෙදුණු 13 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site