IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ - කොචින් ගුවන් ගමන් යළි ඇරඹේ

(ටී.කේ.ජී.කපිල)

ගංවතුර සහිත ආපදා තත්වය මත වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් මගී ගමනාගමනය සඳහා අද (12) විවෘත කෙරිණි.

එය  සංකේතවත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පළමු ගුවන් යානය  අද උදෑසන කොචින් බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරණ එම ගුවන් යානය අද උදෑසන 9.10 ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර ඒ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි .

මෙම ගුවන් ගමන් ඉකුත් අගෝස්තු 9 වැනිදා උදෑසන හදිසියේම ඇති වූ ගංවතුර තත්වය නිසා අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් මෙන්ම , කොචින් ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබිණි.

සතියේ සෑම දිනකම එක් වරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැලසුම් කර තිබේ .



අදහස් (0)

කොළඹ - කොචින් ගුවන් ගමන් යළි ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site