(ඉන්දිකා රාමනායක)


එක්සත් ජාතික පක්ෂයේ  අද  (30) පැවති   විරෝධතාව හේතුවෙන් කොළඹ ආරක්ෂාව සඳහා  පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ 2000 ට අධික  පොලිස් නිලධාරීන් පිරිසක්  යොදවා සිටි බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.


මින් 600 දෙනෙක්   රථවාහන හැසිරවීම සදහා යොවා ඇති බවත්  විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10  ද යොදවා සිටි බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.


 කොළඹ සාමය ආරක්ෂා  කිරීමට උපරිම කි‍්‍රයා කරන ලෙසටත්, සාමන්‍ය ජනතාවට එදිනෙදා කටයුතු බාධාවකින් ඇති නොවන ආකාරයෙන් කටයුතු  අවශ්‍ය  කි‍්‍රයා මාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා සියලූම  උසස්  පොලිස්   නිලධාරීන්ට දැනුම් දී ඇති බවද  රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.