IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරුන් තිදෙනෙක් ඇතුළු 4කට කොරෝනා

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දකුණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් අංශ දෙකක ස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් ඇතුළු කාන්තා පොලිස් නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව  කළුතර දකුණ පොලිසිය කියයි.

එම පිරිස අතර ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා, සුළු පැමිණිලි අංශයේ  ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂකවරයා මෙන්ම   ප්‍රජා පොලිස් ඒකකයේ  කාන්තා පොලිස් කොස්තාපල්වරියකට මෙලෙස ආසාදිත වී ඇත.

අද (24) පොලිස් ස්ථාන භූමියේ සිදු කළ  ක්ෂනික ප්‍රති දේහ පරීක්ෂාවකදී මේ බව අනාවරණ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසාදිත එම නිලධාරින් සහ නිලධාරිනිය කුණ්ඩසාලේ පොලිස් රෝහල වෙත සහ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.



අදහස් (0)

කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරුන් තිදෙනෙක් ඇතුළු 4කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site