(ඩී.කේ.රත්න)
මොනරාගල ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ අක්කර දෙකක භූමියක වවා තිබූ අඩි හතක් පමණ උස කංසා පැළ 12,120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර ගොඩිගමුව තාප්පවත්ත පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු හා කුඩාඔය බෝධිගමුව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ කංසා වගා කර ඇති බවට ඇතිමලේ පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇතිමලේ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවරයි..රාළහාමිලාට පරිප්පු කන්න වෙනවා අලුත් අවුරුද්දේ.
දුම්කොළ සමාගම්වල මඩිය තරවෙන්නේ.., මේවාට තිත තිබ්බොත් විතරයි. ඒ නිසා බහුජාතික සමාගම් පෝෂණය කර රටේ විදේශ විනිමය පිටරට ඇදී යන එක අඩු කරන්න. ඒ නිසා කංසා සඳහා ප්‍රමිතියක් ඇතිකොට සමාජගත කිරීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි.
කංසා කියන්නේ අපට ස්වභාව ධර්මයෙන් දී ඇති රත්තරන් ආකරයක් බව මේ රටේ පාලකයින් තේරුම් ගන්නේ මෙහි පේටන්ට් බලය පිටරටකට ගියදාකටයි.
කරුණාකර මෙම පැළ ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාදෙන්න.. වේලිලා විසික්කරන්න එපා...