(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
කෙරවලපිටිය කසල අංගනයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා කසල දැමීමට විකල්ප ස්ථානයක් සොයා ගන්නා ලෙස කොළඹ නගර සභාවට දැනුම් දුන්නේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවැසීය.
දැනට පළමු අදියර අවසන් කර ඇති අරුවක්කාලු කසල රඳවනයට කසල ගෙන එන ලෙස දැනුම් දී ඇතත් කොළඹ නගර සභාව මෙතෙක් එයට ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු ප්‍රශ්නයට කොතරම් විකල්ප තියනවද? හරිම පහසුයි, මෙයාල බලය ගන්නේ ඒවා විසදන්න නෑ, මෙයාලට කිසිම අදහසක් දෙන්න හොද නැහැ, අපෙන් අදහස් අරගෙන, හරියට මගේ කලිසම ඇදන් එයාගේගේ වගේ යනවා, ඇයි බොරුද .
කුණුවලින් හරි ස්වයන්පොෂිත වීම ගැන අපි ආඩම්බර විය යුතුයි. මදි හරිය දැනට ආනයනය කරලත් තියෙනවා නේ. නරකද ඔය කුණු කන්දෙන් තවත් වරාය නගරයක් හැදුවොත්?
එම ආයතනය නුසුදුස්සන්ගෙන් පිරිච්ච තැනක්. පහුගිය කාලේ හිටිය අධිපතිකෙනෙක් කලේ එයාගේ වර්ගයා දාන එක මිසක් තැනට සුදුසු පුද්ගලයින් පත්කරන එක නොවේ.