(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිං)
සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී හෘද රෝගයකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු නිකුත් කර ඇති මෙම තැනැත්තා මීට වසර හතරකට පෙර හොර රහසේ මෙරටින් පැනගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මොහු කළක් රෝගාතුරව සිට ඇති අතර නිවෙසේ සිටිය දී මෙලෙස හදිසි හෘද රෝගයකින් මියගොස් ඇති අතර මණය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර් පරික්ෂණයේදී කෝවිඩ් - 19 ආසාදනය වී ඇති බවට අනාවරණය කරගෙන ඇති බව ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd