(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද වන රක්ෂිතයට ගිනි තැබූ බව කියන පාසල් ළමුන් හය දෙනෙකු අද (2) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස බාරයේ කැප්පෙටිපොළ ළමා නිවාසයට යොමු කරන ලෙස බණ්ඩාරවල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.
කොස්ලන්ද දියලුම වන රක්ෂිතයට ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම පාසල් ළමුන් හය දෙනා කොස්ලන්ද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
වයස අවුරුදු 12 සහ15 වයසේ පසුවන කොස්ලන්ද වත්තේ පදිංචි පාසල් සිසුන් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ගින්න හේතුවෙන් අක්කර 20 කට අධික කැලෑ රක්ෂිතය ඇතුළු වන වගාව විනාශ වූ බව පොලීසිය කියයි.
දියලුම නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසකට මොහු ගල් පෙරළා ඇති බවද එම සංචාරකයින් බේරී ඇති බව ද පොලීසිය කියයි.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හදබිම අධිකාරිය එක්ව මෙම රක්ෂිත ප්‍රදේශයේ ආරම්භ කර තිබූ වන වගාව ද ගින්නෙන් විනාශ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 15ක් කියන්නේ නොදරුවන් නෙමෙයිනේ... අනේ අපේ රට! අනේ අපේ අධ්‍යාපනය! අනේ අපේ අනාගතය..!
අනාගතේ මොනවා කරයිද කියලා දැන්ම කියන්න පුළුවන්... දෙමව්පියන් තමන්ගේ ළමයි ගැන හොඳට බලාගෙන ඉඳලා තියෙනවා.
ගහක්, කොළක් අඳුර ගන්න බැරි හැටි. මේ හය දෙනාටම කියලා පැල හිටවලා නඩත්තු කරවන්න ඕනෑ අවුරුදු 5ක් යනකන්..
මෙම ප්‍රදේශයේදී මටත් අකරතැබ්බයක් වුණා. මෙවැනිම සිසුන් කිහිප දෙනෙක්ගෙන්... මා මෝටර් රථය නවත්නවා දියළුම ඇල්ල බලා පැමිණෙන විට මෝටර් රථයේ සියලුම ටයර් වල හුළං ඉවත් කර තිබුණා. රථයේ ඇති ඩෑෂ් කැමරා දෙකේ රෙකෝඩ් වී තිබුණා අවුරුදු 12-15 වගේ ළමුන් තුන් දෙනෙක් රථය වටේ කරකැවෙනවා. මා පයින් ගමන් කරනා විට මටත් පහර දුන්නා කෝටු කැබලි, ගල් කැබලි වලින්. මේ සිසුන් දිළිඳු කම, දෙමාපියන් මත්පැනට යොමුව අඩදබර කරගැනීම වගේ දේවල් නිසා මානසික පීඩනයෙන්, සමාජය කෙරෙහි වෛරයෙන් ඉන්නා බවයි මට හිතුණේ...
ඒ පැත්තේ වතුවල දෙමළ ළමයි. ආයි ඉතින් කියන්න දෙයක් නැහැනේ. JR මහත්තයා තමයි කතා කරලා පුරවැසිකම දුන්නේ...
වතු ලයින් වල මේ වැඩ කරන සංවිධානාත්මක කල්ලි ඉන්නවා. ළමයි යොදවලා තමයි ගොඩාක් වෙලාවට කඩාකප්පල් වැඩ කරන්නේ. බුද්ධි අංශය දමා අල්ලන්න. වතුවල දිවියෝ වස දීලා, උගුල් අටෝලා මරනවා. ඇල්ල රොක් සහ බණ්ඩාරවෙල පැත්තේ කඳු කිහිපයක්ම ගිනි තියා සම්පුර්ණයෙන්ම විනාශ කළා - සංචාරක කර්මාන්තයට අති තද බල පහරක්.